අරණායක ප්‍රාදේශීය සභාවට සභාපතිවරයා පත්කර ගැනීම සදහා ඡන්දය ලබාදෙන ලෙසට එක්සත් ජාතික පක්ෂය විසින් තමන්ට අල්ලස් ලබා දුන්නේ යයි එම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීනී ඉෂාරා මධුෂාණි මහත්මිය පවසයි.
තමනට ඒ සදහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා දුන් බවද ඇය මාධ්‍ය හමුවේ කියා සිටියාය. තමන් ඇතුළු තවත් කිහිප දෙනෙකු මුදල් ගෙන ඇති බව පැවසුවත් ඡන්දය දුන්නේ තමන් පමණක් බවද ඇය සදහන් කලාය.
තමන් ලබා ගත් මුදල ආපසු යැවූ බවත් තමනගෙන් වූ වරද නිවරද කිරීමට උවමනා බවත් ඇය පවසන්නීය.