Colombo Today Local News

එංගලන්තයේ සිටි ලාංකිකයින් 278 දෙනෙකු දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන විශේෂ ගුවන් යානයෙන් අද (07)දින අළුයම 02.51ට ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් මගීන් පිරිස එංගලන්තයේ, ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට පැමිණ ඇත.

මෙම ගුවන් මගීන් පිරිස සහ ඔවුන් පැමිණි ගුවන් යානයේ කාර්යය මණ්ඩලය, කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව, ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කිරීම සිදු කෙරුණි.

මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක්, මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට පිහිටි හෝටල් 04 ක නවතා තැබීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන ඇත.

Related posts

මූල්‍ය සේවා සැපයීම මත VAT බද්ද 3%කින් ඉහළට

colombotoday

සමනලවැව ජලාශය මත සූර්ය බලාගාර 02කට ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවයි

Admin

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩ අරඹයි

Admin

මනුෂ්‍ය ඝාතනයකට සැකපිට ජනක බණ්ඩාර CID අත්අඩංගුවට

colombotoday

පොලිස් නිලධාරියෙකුට පහර දුන් කතක් සමඟ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Admin

මැතිවරණ නීතිවිරෝධී ක්‍රියා වීඩියෝ කිරිමට පොලිසිය පියවර ගනියි

colombotoday