Colombo Today Local News

ඌවේ දෙමළ පාසල්වල සිංහල ගුරුවරුන් ඉවත් කරනවා ! – සෙන්දිල් තොණ්ඩමාන්

ඌව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වල සේවය කරන සිංහල ගුරුවරුන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සිය අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබෙන බවත් ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමාන් මහතා පැවසීය.

බදුල්ල දෙමළ බාලිකා විදුහලේ සිංහල ගුරුවරියන් ස්ථාන මාරු කිරීමට තමන් අධ්‍යාපන බලධාරීන් වෙත නියෝග කළේ විද්‍යාලයේ බලධාරීන් කළ ඉල්ලීම පරිදි බවද හෙතෙම කීය.

බදුල්ල දෙමළ බාලිකා විදුහලේ සිංහල ගුරුවරියන් ස්ථාන මාරු කර යැවීමට කරන ලද නියෝගය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මේ සඳහා මූලික පියවරක් වශයෙන් ඌව පළාතේ පිහිටි විශේෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම දෙමළ පාසල්වල සිටින සිංහල ගුරුවරුන් පිළිබඳ තොරතුරු සඳහන් වාර්තා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා ඇති බවද කීය.

දෙමළ මාධ්‍ය පාසල්වල සිංහල සහ ඉංග්‍රීසි උගන්වනු ලබන සිංහල ගුරුවරුන් දෙමළ භාෂාව නොදැන සිටීම නිසා මෙවැනි තීරණයක් ගත් බවත් දෙමළ භාෂාව නොදැන දෙමළ පාසලක උගන්වන සිංහල ගුරුවරුන්ටත් ඔවුන්ගෙන් දරුවන්ටත් කිසිදු ඵලක් නැති බවත් අමාත්‍යවරයා කීය.

Related posts

ණයබර අඩුකරගන්න හම්බන්තොට චීනයට දුන්නා.. මහනුවර ජපානයට දෙනවා – අගමැති කියයි

colombotoday

අගමැතිනියට වඩා බල‍යක් නියෝජ්‍ය ඇමතිට?

Admin

පුරවැසි චෝදනා සුස්සක් වෙයි… ගෝඨාභය යුවලම මෙරට පුරවැසියන් ලෙස ඡන්දය ප්‍රකාශ කරයි !

colombotoday

ප්‍රාදේශීය ලේකම්වරයකු හා සැලසුම් අධ්‍යක්ෂවරයකු අල්ලසක් ගැනීමේදී මාට්ටු

colombotoday

බෞද්ධයා නාලිකාව, අධිරජ ධර්මාශෝක අන්තවාදියිලු.. සංහිදියාවට බාධාවක්ලු !

colombotoday

නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකුට පහරදී මරා දාලා

colombotoday