Colombo Today Local News

උසස් පෙළ හා ශිෂ්‍යත්වය ගැන අවසන් තීරණය මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් පසු

මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් පසු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා 5 ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ විභාග පැවැත්විම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ලබන අගහරුවාදා දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

හෙට(08) දිනයේ මහ මැතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කිරිමට නියමිත අතර එම දිනය සලකා බලා විභාග පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

කෙසේවෙතත් පවතින වසංගත තත්ත්වයේ අවදානම තවදුරටත් පහව නොයාම හේතුවෙන් පාසල් ආරම්භ කිරිමට හෝ විභාග පැවැත්වීම පිළිබද මෙතෙක් කිසිදු තිරණයක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පාසල් විවෘත කිරිමට හෝ විභාග කටයුතු පැවැත්වීමට සෞඛ්‍ය අංශ විසින් තවමත් උපදෙස් ලබා දී නොමැති අතර අනුගමනය කළ යුතු ක්‍රමවේ ද ඇතුළත් චක්‍රල්ඛයක් පමණක් නිකුත් කර ඇති බව සඳහන්.

එම චක්‍රලේඛය දිවයිනේ සියලු පාසල් හා අධ්‍යාපන ආයතන වෙත යොමු කර තිබේ.

Related posts

රු. 800,000 කට අලෙවි වූ අඹ ගෙඩි දෙකක්: යාපනයේ පූජාවක

Admin

VIdeo: අද ජවිපෙ වික්‍රමසිංහගේ බලල් අතක් වෙලා – මෛත්‍රි ගුණරත්න

colombotoday

කන්දකාඩුවෙන් තවත් කොරෝනා ආසාදියින් 4ක්

colombotoday

කවුරු විරුද්ධ වුණත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දෙනවා..

colombotoday

අනිද්දා පැය 15ක ජල කප්පාදුවක්

Admin

“භාණ්ඩ හා මිල පාලනයට සම්ප්‍රදායික මෙවලම් ප්‍රමාණවත් නොවේ.”

colombotoday