Colombo Today Local News

උපකාරක පන්ති පැවැත් වූ ගුරුවරුන් දෙදෙනකු හා සිසුන් 14 ක් නිරෝධායනයට

කොරෝනා පැතිරීමේ  අවදානමත් සමඟ සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් වලට පටහැනිව තලවකැලේ නගරයේ රහසිගතව බාහිර පන්තියක් පවත්වාගෙන ගිය ගුරුවරුන් දෙදෙනෙකු ඇතුළු එහි සිටි සිසුන් 14 දෙනෙකු අද (20) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් භාරයට ගත් බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා පැවසිය.

දිඹුල පතන සහ මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි බාහිර පන්ති පැවැත් වු ගුරුවරුන් දෙදෙනා තලවකැලේ නගරයේ උසස්පෙල විෂයට අදාල සහ තාක්ෂණ විෂය සම්බන්ධයෙන් බාහිර පන්ති පැවැත්විමට නගර සභාවෙන් අනුමැතිය ලබාගෙන බාහිර පන්ති පවත්වාගෙන යාමට අවසර ලබාගෙන ඇති බවත්, කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග සෞඛ්යිය අංශ විසින් ලබා දි ඇති උපදෙස් අනුව එසේ බාහිර පන්ති පවත්වාගෙන යාමට අවසර ලබාගෙන ඇති සියළු දෙනාට සෞඛ්ය්ය උපදෙස් ලබාදෙන තෙක් යලිත්  බාහිර පන්ති නොපවත්වන ලෙස දැනුම් දි තිබු  බවද සභාපතිවරයා පැවසිය.ෙ

අදාල ගුරුවරුන් දෙදෙනා විසින් කිසිදු සෞඛ්යාය නිර්නායකයක් නොපිලි පදමින් ඉතා සුක්ෂම ලෙස බාහිර පන්ති පවත්වාගෙන යන බවට තමන් වෙත ලද තොරතුරක් මත තම නගර සභාවේ මහජන සෞඛ්ය්ය පරික්ෂකවරුන් එම ස්ථානයට යවා සියළු දෙනා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් භාරයට ගත් බවද සභාපතිවරයා පැවසිය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සභාපති අශෝක සේපාල මහතා විසින් තලවකැලේ පොලිසියට දැනුම් දිමෙන් පසු බාහිර පන්ති පවත්වාගෙන ගිය ස්ථාන දෙකම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මුද්රා් තැබු අතර , බාහිර පන්ති පවත්වාගෙන ගිය  ගුරුවරුන් දෙදෙනා සහ සිසු සිසුවියන් 14 දෙනා දින 14 ක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරන්ගේ අධික්ෂණය යටතේ ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කිරිමට කටයුතු කර ඇත.

Related posts

වාතයෙන් බෝවන කොරෝනා වෛරස් ප්‍රභේදයක් අලුත් එකක් නොවෙයි. – රවී කුමුදේශ්

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Admin

යහපාලන ආණ්ඩුව පෙරපාසල් යා යුතුයි – සරත් විජේසූරිය

colombotoday

විදුලි බල මණ්ඩලයේ සභාපති පුටුව ධම්මික පෙරේරාට !

colombotoday

දිවයින පුරා වනජීවි නිලධාරින් සංකේත වැඩවර්ජනයක..

Admin

වැල්ලවත්තෙන් ඇල්ලූ තායි ගණිකාවට ඒඩ්ස්.. මහ පිරිසක් අනතුරේ !

colombotoday