Colombo Today Local News

උතුරු ආණ්ඩුකාරවරයා බුද්ධාගම්කරණයක් ගැන මා සමග ප්‍රකාශ කළේ නෑ – සිලෝන් ටුඩේ මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා

උතුරු සහ නැගෙනහිර පළාත් තුළ දේශපාලන උවමනාවත් මත බුද්ධාගම්කරණයක් සිදුවන බවට උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා තමන් සමග ප්‍රකාශ නොකළ බව සිලෝන් ටුඩේ පුවත්පතේ මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා මහත්මිය පවසයි.

උතුරු පළාත් ආණ්ඩුකාරවයා එවැනි ප්‍රකාශයක් කළේ යැයි පවසමින් පලවන මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් ඇයි සිය ට්වීටර් ගිණුම ඔස්සේ මේ බව ප්‍රකාශ කර ඇත.

මේ අතර අදාල සිදුවීම පිළිබදව කලම්බු ටුඩේ සමග අදහස් දක්වමින් උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා කියා සිටියේ ‘සිලෝන් ටුඩේ‘ පුවත්පතට තමන් ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් සිංහල හා දමිළ භාෂාවලට පරිවර්ථනය කිරීමේදී තමන් දැක්වූ අදහස විකෘති වී ඇති බවයි.

ඔක්ස්ෆර්ට් සරසවියෙන් බෞද්ධ දර්ශනය පිළිබදව ආචාර්ය උපාධියක් හිමි තමන් බුද්ධාගමට අනුගතව ජීවත් වන පුද්ගලයෙකු බවද වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේය.

මේ අතර සුරේන් රාඝවන් මහතාගේ කලැයි කියන එම ප්‍රකාශය සම්බන්දයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහක් ඇතිව තිබෙන අතර, පුවත පලකල ප්‍රසිද්ධ මාධ්‍ය කිහිපයක් අදාළ පුවත ඉවත් කරගැනීමට කටයුතු කර ඇත.

Related posts

කොළඹ රෝහල් පරිශ්‍රවල මත්ද්‍රව්‍ය ජාවාරමක් | මෙහෙයුමෙන් ඇල්ලූ රෝහල් සේවකයා පාතාල නායකයා දිනුක් ගෝලයෙක්

colombotoday

උද්ධමනය සියයයට 3.8 කින් පහළට

Admin

ඤාණසාර හිමියන් තවදුරටත් සිරගත කිරීමට නීතීඥ සංගමය සහ එන්ජීඕ කුමන්ත්‍රණයක්!

colombotoday

කැබිනට් වෙනසක්.. පාර්ලිමේන්තුවේ 225න් ඕන කෙනෙක් එන්න.. ජනපති ස්ථාවර ආණ්ඩුවක් හදන්න යයි..

colombotoday

දුම්රිය ධාවනය යලි යථා තත්ත්වයට

colombotoday

තෙල් ටැංකි රථ හිමියන් වර්ජනය අත්හරී

colombotoday