Colombo Today Local Newsfeatured

ඉවත් කලේ බුවනෙක හෝටලය මිස රාජ සභා මණ්ඩපය නොවෙයි. කුරුණෑගල නගරාධිපතිගෙන් ඉල ඇදෙන පිළිතුරක්.

ගොඩනැගිල්ලේ පිටුපස කොටසෙන් දිව යන මාර්ගයක් පුලුල් කිරීම සදහා ගොඩනැගිල්ලේ කොටසක් කඩා දැමීමිට මාර්ග සංවර්ධන අධිකාරිය තමාට අවසර ලබා දුන් බව බුවනෙකභාහු රජුගේ රාජ සභා මණ්ඩපය කඩා දැමීම පිළිබඳව අදහස් දක්වමින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා පවසනවා.

1993 වසරේදී මෙම ගොඩනැගිල්ල ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ගෝලයෙකුට අවුරුදු 30 කට බද්දට ලබා දී ඇති බවත් පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ගැසට් කර තිබෙනවානම් ගණිකා නිවාසයකට, ගබ්සා මධ්‍යස්ථානයකට, බාර් ලයිසන් එකක් අරගෙන තබරුමක් කොහොමද පවත්වාගෙන යන්නේ යැයි නගරාධිපතිවරයා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් කුරුණෑගල ඓතිහාසික රාජ සභා මණ්ඩපය කඩා බිඳ දැමීම හා මාර්ග පුළුල් කිරීමේ කටයුත්තක් අතර කිසිදු සම්බන්ධයක් නැතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ කුරුණෑගල පළාත් වැඩබලන අධ්‍යක්ෂක අතුල සේනාධීර මහතා  සඳහන් කළේය.

ඔහු අවධාරණය කළේ, කඩා දැමුණු ගොඩනැගිල්ලට යාබදව දිවයන මාර්ගයේ පුළුල් කිරීමේ කටයුතු මීට බොහෝ කාලයකට පෙර සම්පූර්ණ කෙරුණු බවත් එහිදී අදාල පුරවිද්‍යා ස්මාරකයේ කිසිදු කොටසක් ඉවත් කිරීමේ අවශ්‍යතාවක් පැන නොනැගුණු බවත් ඔහු අවධාරණය කළේය.

Related posts

පුරාවිද්‍යා අපරාධවලට අවම දඩය ලක්ෂ 05 ක් කරයි

colombotoday

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය : අභියාචනාධිකරණයෙන් යළි නියෝගයක්

colombotoday

පුද්ගලික බස් රථයක හදිසි ගින්නක්

colombotoday

කොරෝනා මර්ධන බලය වහා කැබිනට් මණ්ඩලයට ගන්න – පළමු කතාවෙන්ම රනිල් වික්‍රමසිංහගෙන් හමුදාපතිට ප්‍රහාරයක්.

colombotoday

මීළග අගවිනිසුරු නම් කෙරේ

colombotoday

2020 දී ලංකාව අල්ලන්න ISIS සැලැස්මක් – සිතියම මෙන්න

colombotoday