දෙමළ ජනතාවගේ ජාතික ගැටළුවට ඒකීය රාජ්‍ය සංකල්පය තුළින් විසදුමක් නොළැබෙන බවත්, ඉන්දියාවේ මෙන් ප්‍රාන්ත බලයක් තමන්ට අවශ්‍ය බවත් උතුරු පළාත් මහ ඇමති සීවී විග්නේශ්වරන්ගේ මූලිකත්වයෙන් පිහිටුවාගත් දෙමළ ජාතික සභාව පවසනවා.
දෙමළ ජනතාවගේ ගැටළු සදහා දේශපාලන විසදුමක් ලබා ගැනීම සදහා යෝජනාවලියක් ඔවුන් විසින් ඊයේ එළිදක්වනු ලැබූ අතර එමෙන්ම පොලිස් සහ ප්‍රාන්ත බලය පළාත් සභාවට ලබා දිය යුතු බවත් එහි සදහන් වනවා.
මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා ඉදිරිපත් කිරීම සදහා උතුරු පළාත් සභාව පත් කැ ඇති මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගෙන් සමන්විත කමිටුද අද රැස්වීමට නියමිතයි. එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේද උතුරු පළාත් මහ ඇමති සීවී විග්නේශ්වරන්.