Colombo Today Local News

ඉදිරි දින කිහිපයේදී සමාජය තුළින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අවදානමක්

“ඉදිරි දින කිහිපය තුළ සමාජය තුළින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වාර්තා වීමේ යම් අවදානමක් පවතිනවා” යනුවෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ හේතුවෙන් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලබා දී ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් ඒ ආකාරයෙන්ම අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව රූපවාහිනි නාලිකාවක වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපතිවරයා පැවසුවේය.

“ මේ සතිය ඉතාමත් වැදගත් වනවා. සතිය තුළ රටේ ජනතාවට කියන්නේ, එළියට යම් කොටසක් ඇවිල්ලා හිටියා මේ ගැන නොදැන නිවාඩු ඇවිල්ලා ඉඳලා. කන්දකාඩුවල වාර්තා වෙනකොට ම අපි ඔක්කෝම ඇතුළ ට ගත්තා. නමුත් ඔවුන් සමාජයේ ගැටුණ තැන් තියෙනවා. ඒ නිසා මේක සමාජයට යන්නේ නැහැ කියලා කාටවත් කියන්න බැහැ.”

සියලු දෙනා බොහෝ කැපකිරීම් කර රැකගත් මේ තත්ත්වය තවදුරටත් පවත්වා ගැනීම සඳහා සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපැඳීම ඉතා වැදගත් බව ද යුද හමුදාපතිවරයා එහිදී පැවසීය.

“යම්කිසි අවධානමක් ඊළඟ දින තුන හතර පහ තුළ තිබෙනවා” යනුවෙන් ද පැවසු යුද හමුදාපතිවරයා, “මුඛ ආවරණය නිකට ආවරණයක් කර නොගෙන, අපි රැකෙන්න. ආසාදිතයෙක් නොවෙන්න. තව අයෙක් ආසාදිතයෙක් බවට පත් නොකරන්න කටයුතු කරන්න ” යැයි ඉල්ලා සිටින බවත් හමුදාපතිවරයා කියාසිටියේය.

Related posts

“තරග දිනන්න බඩ බාධාවක් නොවේ.. බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගිහින් ක්‍රිකට් විනාශ කරා“ – අර්ජුන

colombotoday

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතන උතුරු තමිල්නාඩු වෙරළින් ඉන්දියාවට

colombotoday

දප්පුල ද ලිවේරා ගේ තැනට සංජය රාජරත්නම් ගේ නම අනුමැතියට යවයි.

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ තවත් 180 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

පොදු ස්ථාන තහනම් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

චාමර ඇතුලට

Admin