Business

ඇමෙරිකානු ඩොලරය රු 190.61 දක්වා ඉහලට

ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (24) ඉතිහාසගත ලෙස පහළ ගියේය.
 
ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (24) 190.61 ලෙස සටහන්ව තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඊයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 190.61 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 185.93ක් ලෙසත් දැක්විණි.
 
ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටෙමින් තිබේ.
 
ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක් මේ වනවිටත් කොරෝනා වයිරසයෙන් බලපෑමට ලක්ව ඇති ආර්ථික කටයුතු හා ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා සහන පැකේජ ලබාදී ඇත.
 
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 20 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 2.8කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
 
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ ජාත්‍යන්තර බොරතෙල් මිල ගණන්වලට අනුව ‘බ්‍රෙන්ට්’ වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 27.82ක් ලෙසත් ඔපෙක් (තෙල් අපනයන කරන රටවල) වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 24.72ක් ලෙසත් දැක්විණි.

Related posts

හෙට දිනය තුල වාණිජ බැංකු අවම වශයෙන් පැය 2 ක් විවෘත කර තබන්න. මහ බැංකුවෙන් උපදෙස්

colombotoday

Lifebuoy සබන් වර්ගයක් නොවෙයි. | හමේ රෝග, දෘශ්‍යාබාධ ඇති කරන ද්‍රව්‍ය අඩංගුයි | මාධ්‍ය නොකියන තිත්ත ඇත්ත මෙන්න.

colombotoday

මොබිටෙල් සබඳතා නොකඩවා පවත්වා ගැනීමට සේවා රැසක්

colombotoday

අවුරුදු අස්සේ රනිල්ගෙන් රතු එළියක්! රැකියා ලක්ෂයක් අවදානමේ?

Admin

ආයෝජකයෝ රට හැර යති – තිස්ස විතාරණ

colombotoday

පෙබරවාරි මෙරට උද්ධමනය 17.5ට නගී

colombotoday