Colombo Today Local News

අසාද් සාලිට රජයෙන් ප්‍රභූ ආරක්ෂාව දීලා, මධ්‍යම සභාවේදී කුණු බැනුම්

saliමාධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලිට රජයෙන් ප්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ඊයේ (03) පැවති මධ්‍යම පළාත් සභා රැස්වීමේදි දැඩි විරෝධයක් මතුව තිබෙනවා. පළාත් සභාවේ එක් මන්ත්‍රීවරයෙකුට පමණක් ප්‍රභූ ආරක්ෂාව ලබා දීම දැඩි අසාධාරණයක් බවත් ඔහුට ප්‍රභූ ආරක්ෂාව ලබා දෙනවානම් සභාවේ අනෙකුත් මන්ත්‍රීවරුන්ට ද එම වරප්‍රසාදය හිමි විය යුතු බවත් විරෝධය දැක්වූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ කර සිටියා.

ඉන් පසු පළාත් සභාවේ සභාපතිවරයා විසින් අදාල විරෝධතාවයේ දී මන්ත්‍රීවරුන් අසාද් සාලි මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් දැක් වූ අදහස් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට නියෝග කරනු ලැබුවා. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද මෙම සිදුවීමට එකසේ විරෝධය දැක්වීම විශේෂත්වයක්.

වෙනත් පුද්ගලයෙකු සමග විවාහ වී සිටින කාන්තාවක් බලහත්කාරයෙන් රදවාගෙන සිටිනවා යැයි කියමින් ‘පවුල් කඩන ගෑණු හොරාට යහපාලනයෙන් MSD ආරක්‍ෂාව’ ලෙස සදහන් පුවරු රැගෙන පසුගිය දිනක දෙමටගොඩ දවටගහ මුස්ලිම් පල්ලිය අසලදීද සාලිට විරුද්ධව උද්ගෝෂණයක් පැවැත්වුණා.

අසාද් සාලි යනු තමන්ගේ අතිජාත මිත්‍රයකු බවත් රාජ්‍ය පාලනයේදී තමන් ඔහුගෙන් ද උපදෙස් ගන්නා බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය බ්‍රිතාන්‍ය සංචාරයේදී ලන්ඩන්වාසී ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව අමතමින් ප්‍රකාශ කර තිබුණා.

Related posts

සිය පියාට වෙඩි වැදුණු භයංකර ඡායාරූපයක් හිරුණිකා මුල්වරට හෙළිකරයි

colombotoday

දියතලාවේ බස් රථයක් ගිනි ගැනීමට හේතුව අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

ඉන්ධන මිල ඉහළට

colombotoday

රොහාගේ මරණය සමරන්න ගිය කුඩු අංජුගේ සහෝදරිය රිමාන්ඩ්

colombotoday

ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්. නව නීතියට වහා යටත් වෙනු. උලමා සභාව මුස්ලිම් ජනතාවට කියයි

colombotoday

පොහොර සහනාධාරය අහෝසි කර මුදල් ලබාදීමේ තීන්දුවට කැබිනට් අනුමැතිය

colombotoday