Colombo Today Local News

අලුත් ව්‍යවස්ථාව ජනමතයට පිටුපෑමක්… එජාපය ඩී.එස්. ඩඩ්ලිලාටත් අවනම්බු කරනවා – මල්වතු අනුනාහිමි

ජනමතයට පිටුපාමින් එක්සත් ජාතික පක්‍ෂය නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවත් මෙය ඞී. එස්. සේනානායක, සර් ජෝන් කොතලාවල, ඩඞ්ලි සේනානායක වැනි පක්‍ෂයේ අතීත නායකයන්ටත් කරනු ලබන අවනම්බුවක් බවත් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියෝ පවසති.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (13දා)  මහනුවරට පැමිණ මල්වතු විහාරයට ගොස් එම පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවැසූහ.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම පිණිස වත්මන් ආණ්ඩුවට ජනවරමක් නොමැති බවත් මෙවැනි අත්තනෝමතික කි‍්‍රයාවන් මගින් ජනතාව නොසන්සුන් වන බවත් උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ඇයිද යන කාරණා මැතිවරණයකදී ප‍්‍රකාශ කළ යුතු බවත් සිරිමාවෝ මැතිනිය හා ජේ. ආර්. ජයවර්ධන මහතා එය සිදුකළ බවත් කී අනුනාහිමියෝ වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර එවැන්නක් පිළිබඳව ජනතාව දැනුවත් නොකළ බවද අවධාරණය කළහ.

Related posts

ගංවතුරෙන් පසු වසංගත රෝග තත්ත්වයක්.. බේරෙන්නේ මෙහෙමයි

colombotoday

කොරෝනා ආසාදිත පූජකයාගේ දේවමෙහෙයට ආ බැතිමතුන් සොයයි

colombotoday

බදු වැඩිවීම ස්ථීරයි.. විදුලියට, ජලයට අදාළ නොවෙයි.. පුද්ගලික සෞඛ්‍ය, විදුලි සංදේශ සේවාවලට අදාල වෙයි !

colombotoday

මරණීය දණ්ඩනයට නියම වූ වෙලේ සුදාට ඇප ලැබේ

colombotoday

පාස්පෝට් කාර්යාලයට විරුද්ධව මානව හිමිකම් යයි

Admin

ආබාධිතයන්ගේ උපකරණ වැට් බද්දෙන් නිදහස් කරන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක්

Admin