Colombo Today Local NewsNew Constitution

අලුත් ව්‍යවස්ථාවෙන් පොලිසිය කෑලි 9කට කැඩෙයි… ත්‍රස්ත මර්ධනය, මත්ද්‍රව්‍ය නාශක ඒකකය සුනේ සුන්…

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතෙන් යෝජනා කර ඇති පළාත් බද පොලිසිය නිසා රහස් පොලිසිය ත‍්‍රස්ත මර්දන ඒකකය මත්ද්‍රව්‍ය කාර්යාංශය බරපතළ අර්බුදයකට මුහුණපාන බව ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග පැවසීය.

 යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව හෙවත් ශී‍්‍ර ලංකා පොලිසිය කැබලි 9 කට කැඩෙනු ඇත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අනුකමිටු නිර්දේශ යටතේ ශී‍්‍ර ලංකා පොලිසිය මුලින්ම ජාතික පොලිසිය සහ ශී‍්‍ර ලංකා පළාත්බද පොලිසිය ලෙස වෙන්වේ.

 එසේම පළාත් නවය සඳහා පොලිස් කොමසාරිස්වරුන් 9 ක් ද පත් කෙරෙනු ඇත. එය පොලිස්පතිවරු 9 කට සමානය. මේ හැර පළාත් නවයට පොලිස් මූලස්ථාන 9 ක් ද ස්ථාපිත වේ.

 මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අනු කමිටු නිර්දේශ අනුව ඒ ඒ පළාත්වල කටයුතු ඉටුකිරීම පළාත් පොලිසියට පැවරෙනු ඇත.

 මෙයට අමතරව පළාත් පොලිසිවලට කාර්යාංශ පිහිටුවීමේදී ප‍්‍රධාන අමාත්‍යවරුන්ගෙන් අදහස් විමසීමක් ද සිදුවේ.

 මෙම නිර්දේශ යටතේ පළාත් නවයේම පළාත් පොලිස් කොමිෂන් සභා නවයක් පිහිටුවීමට සිදුවේ.

 මේ කොමිෂන්වලට සභාපති ඇතුළු සාමාජිකයන් දෙදෙනකු නම් කරන්නේ ද මහ ඇමැති සහ විපක්‍ෂ නායකවරයායි.

 මෙම නිර්දේශ අතර බරපතළ නිර්දේශය වන්නේ උතුරු පළාත් සභාවට ද්‍රවිඩ ජාතිකයන් විශාල පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමේ හැකියාවයි.

 මෙම අනු කමිටු නිර්දේශ යටතේ පොලිසිය කැබලි නවයකට කැඞීමත් පොලිස්පතිවරු 9 ක් පත්කිරීමත් ගැන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් විරෝධය පා ඇත.

 මෙම නිර්දේශ යටතේ උතුරේ ත‍්‍රස්තවාදී කි‍්‍රයා මර්දනය කිරීම ශී‍්‍ර ලංකා පොලිසියට නොහැකි වන අතර එම කටයුතු පළාත් පොලිසියට පැවරේ.

දිවයින

Related posts

බන්ධනාගාර කැරලි මර්දනයට බන්ධනාගාර බුද්ධි අංශයට අනුබද්ධ විශේෂ ඒකකයක්

colombotoday

ජවිපෙ – දෙමළ සන්ධාන හවුල් ආණ්ඩුවක් !!

colombotoday

අසාත් සාලිගේ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

colombotoday

ජනපති පාර්ලිමේන්තු සැසිය අවසන් කල හේතුව අනුර කියයි

colombotoday

දේශපාලකයින් බරපතළ ලෙස අපයෝජනයට ලක් කළේ පොලීසිය

Admin

කෝටි 42ක හෙරොයින් තොගයක් සොයා ගනී

colombotoday