Colombo Today Local News

අලියා අතහැර සජිත් හංසයාගෙන් සටනට… දිනුවත්, පැරදුණත් එජාප නායකකම රැකගන්න රනිල් ගහපු ගැටේ මෙන්න !

ඉදිරි ජනපතිවරණයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තරග කිරීමේදි හංසයා ලකුණින් තරග කිරීමට එකඟතාවක් එක්ස ත් ජාතික පෙරමුණේ ඇතිව තිබේ.

එජාපය යටතේ අලියා ලකුණින් තරග කර ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් පක්ෂ ව්‍යවස්ථාව අනුව ඔහු නිතැනින්ම පක්ෂ නායකත්වයට පත්වේ. අලියා ලකුණ යටතේ එජාපයෙන් තරගකර යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළහොත්, රනිල් වික්‍රමසිංහ මහතාට එජාප නායකත්වය ද අහිමි වන අතර එබැවින් සජිත් ප්‍රේමදාස මහතා හංසයා ලකුණින් ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇත.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා එජාප නියෝජ්‍ය නායකත්වයෙන් ඉවත් වී හංසයා ලකුණ යටතේ එක්සත් ජාතික පෙරමුණේන් තරග කිරීමට තීරණය කර ඇතැයි පැවසේ.

මේ අනුව ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වුවහොත්, ඔහුට එජාප නියෝජ්‍ය නායකකමද අහිමි වේ. ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය හිමිවන අතර පරාජය වුවත්, ඔහුට අවසන් හුස්ම හෙළන තුරු එජාප නායකත්වයේ රැදී සිටීමට හැකිවනු ඇත.


Related posts

කාත්තන්කුඩියෙන් බෝම්බ සෑදීමට යොදා ගන්නා උපකරණ තොගයක් සොයාගනී

colombotoday

වෙඩිතැබීමකින් කාන්තාවක් මරුට

colombotoday

ඩීසල් රැගත් නෞකාවක් කොළඹ වරායට එයි

colombotoday

රටවල් වලට පොල් පෙනන්න කෝටි 13 ක් වැය කරලා

colombotoday

“අජිත් නිවාඩ් කබ්රාල් මට කිව්වා මහ බැංකු අධිපති ධුරය භාර ගන්න වෙනවා කියලා.. “

colombotoday

අරාබි මෘගයෙක් ජයවතීගේ බෙල්ල කපනවා දුටු කාන්තාවක් විස්තරය ෆෝන් එකෙන් ලංකාවට කියලා – Video

colombotoday