Colombo Today Local News

අභිරහස් අතකින් තාජුඩීන් ඝාතකයන්ට රැකවරණ

waseem-thajudeen-640x400රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ කටයුතු අඩපන කිරීම සඳහා අදෘශ්‍යමාන හස්‌තයන් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

මෙම අබිරහස්‌ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු පොලිසිය කරගෙන යන්නේ විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වන දැඩි බලපෑම් ඔස්‌සේ බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

පසුගිය රාජ්‍ය පාලන සමයේ විවිධ දූෂිත නීතිවිරෝධී ක්‍රියාවන්ට හවුල් වූ පාර්ශ්වයන් තවමත් එම තනතුරුවල රැඳී සිටින නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවලට මෙසේ බලපෑම් එල්ලවන බවද වාර්තා වෙයි.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ තාජුඩීන් මහතාගේ මෘත ශරීරය තිබියදී එහි කොටස්‌ අස්‌ථානගත වූ බවද පසුව හෙළි විය.

එමෙන්ම මෙම ඝාතනයට අදාළ සැකකටයුතු දුරකතන අංක පිළිබඳව විස්‌තර ලබා ගැනීමේදී පවා පොලිසියට කිසිදු සහායක්‌ ලැබී නොතිබිණි.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන පොලිසිය පවසන්නේ තාජුඩීන්ගේ මරණය මිනීමැරුමක්‌ බවට අධිකරණය තීරණය කර ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට උපදෙස්‌ ලැබුණු වහාම එය ක්‍රියාත්මක කිරීමට තමන් සූදානමින් සිටින බවයි.

කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා ඉකුත් 10 වැනිදා ප්‍රකාශ කර සිටියේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක්‌ ද යන්න අධිකරණයට සැකමතු වන බැවින් සියලු විශ්ලේෂණ වාර්තා සලකා බැලීමෙන් පසු අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි.

-Divaina

Related posts

බුද්ධාගමට මුල් තැන අහිමි කරන, රට ෆෙඩරල් කර කෑලි කඩන අගමැතිගේ ව්‍යවස්ථා යෝජනා මෙන්න

colombotoday

කොරෝනා ආසාදිතයින් 869 දක්වා ඉහළට

colombotoday

නායයෑම් අවදානම් ස්ථානවලින් ඉවත් නොවන පුද්ගලයින්, බලය යොදා ඉවත් කරනවා

colombotoday

පෙට්‍රල් හිගය තවත් උග්‍ර වෙයි.. අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නැයි ඇමති කියයි

colombotoday

විග්නේෂ්වරන්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්- ශී‍්‍ර ලංකා ඉතිහාසය සොයාන්න කමිටුවක් ඉල්ලයි

colombotoday

දුම්රිය ප්‍රවේශපත්‍ර හිඟ වීම ගැන බලධාරීන්ගේ අවධානය නැහැ – දුම්රිය ස්ථානාධිපතිවරු කියයි

colombotoday