Colombo Today Local News

හමුදාව යටතේ ඇති ඉඩම් නිදහස් කරනවා, යුධ අපරාධකරුවන්ට අනිවාර්යෙන්ම දඩුවම් දෙනවා ! – රවුෆ් හකීම් තමිල්ණාඩුවේදී කියයි

Hageem2
රවුෆ් හකීම් කලකට පෙර කුප්‍රකට යුධ අපරාධකරුවෙකු සමග ඡායාරූපයකට පෙනී සිටිමින්.

ශ්‍රී ලංකා රජය විසින් පැවැත් වූ අභ්‍යන්තර පරීක්ෂණයක් මගින් යුධ අපරාධ සිදුව ඇති බවට තහවුරු වී ඇති බවත්, යුධ අපරාධ සිදුකල පුද්ගලයන්ට එරෙහිව අනිවාර්යෙන්ම ක්‍රියාමාර්ග ගන්නා බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවූෆ් හකීම් ප්‍රකාශ කර ඇත.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ චෙන්නායි හී පැවති අබ්දුල් රහ්මන් නම් කවියෙකුගේ අනුස්මරණ උත්සවයකට සහභාගී වීම සදහා චෙන්නයි නුවරට පැමිණි අවස්ථාවේ දී ගුවන්තොටුපළේ දී මාධ්‍යවේදීන් අමතමිනි.

“ශ්‍රී ලංකා හමුදාව යටතේ ඇති දෙමළ ජනතාවට අයත් ඉඩම් කඩිනමින් නිදහස් කිරීමට තීරණය කර ඇති අතර, දීර්ග කාලයකට පසු දමිළ ජාතිකයෙකු විපක්ෂ නායක ධූරයට පත්ව තිබීම ඇතුළු බොහෝ වෙනස් කම් සිදුව ඇති බවත් නව යහපාලන රජය යටතේ දෙමළ ජනතාවට යුක්තිය ඉටු කරනු ඇති බව“ ඔහු ප්‍රකාශ කර ඇත.

Related posts

හරීන් අගරදගුරුට අපහාස කිරීම මංගල අගයයි

colombotoday

20ට විපක්ෂයෙන් විරෝධය

colombotoday

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න

colombotoday

උසස් පෙළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ අද මැදියම් රැයේ සිට තහනම්..

Admin

ජනාධිපතිතුමනි මතක තබා ගන්න.. ඔය පුටුව දුන්නේ ජනතාව.. ඔය කරන වැඩ වලට සමාව දෙන්න බෑ !

colombotoday

ලෝක වෙළද පොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහතට. – ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු කරන්නැයි ඉල්ලීමක්.

colombotoday