Colombo Today Local News

අබුඩාබි හි පිපිරීමකින් ශ්‍රී ලාංකික තරුණයෙක් මරුට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෑස් නලයක් පිපිරීමෙන් සිදු වූ අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට පත්වී තවත් අයෙකු තුවාල ලබා තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති මල්රාජ් ද සිල්වා මහතා සඳහන් කළේ, අදාළ අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට පොලීසිය සමග සම්බන්ධ වී තොරතුරු ලබා ගනිමින් සිටින බවය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි පසුගිය අගෝස්තු 31 වන දින සිදු වූ පිපිරිමකින් ශ්‍රී ලාංකික තරුණයෙකු මියගොස් ඇති බවට වාර්තා පල වී තිබුණි.

ගෑස් ටැංකිකයක් පුපුරායාමෙන් සිදු වු එම අනතුරින් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේය.

කෙසේවෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

එහෙත් අනතුරින් ශ්‍රී ලාංකික තරුණයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා මහතා සඳහන් කළේය.

Related posts

මහනුවර සිදුවීම මෙහෙයවීයැයි සැකපිට 10ක් අත්අඩංගුවට

colombotoday

සහරාන් යටතේ අන්තවාදී පන්ති පැවැත් වූ තවත් අයෙක් TID අත්අඩංගුවට

colombotoday

පාර්ලිමේන්තු විවාදය ඇරඹේ…

Admin

බැංකු ගිණුම් අරින්න ටින් අංකය අනිවාර්ය කෙරෙයි

Admin

පළමු වරට ගුවනින් හා ගොඩබිමින් STF නිලධාරින් හා ගුවන් හමුදාව එක්ව ගංජා හේන් වටලයි

colombotoday

ඉන්ධන නැති කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනනය සම්පූර්ණයෙන්ම නවතී

colombotoday