Colombo Today Local News

අනුරාධපුරයේ වෙළදසැල් වසති

පසුගිය දින 4ක් තුල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථානය කිහිපයකින් කොවිඩ් 19 ආසාදිතයන් හමු වීමත් සමග, එම වයිරසය පැතිර යාම වැළැක්වීම සඳහා අනුරාධපුර නගරයේ වෙළඳ ආයතන සියල්ල දින තුනක් වසා දැමීමට තීරණය කළ බව අනුරාධපුර එක්සත් වෙළෙඳ සංගමය පවසයි.

ඒ අනුව අද (28 දා) සිට අනිද්දා (30) දක්වා දින තුනක් මෙසේ අනුරාධපුර නගරයේ ව්‍යාපරික ස්ථාන වසා දැමීමට අනුරාධපුර මහ නගර සභාව, එක්සත් වෙළද සංගමය, රාජ්‍ය නිලධාරීන් හා ස්වේච්ඡා සංවිධාන එකතුවෙන් ඊයේ(27දා) පැවති සාකච්ඡාවක දී තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනුරාධපුර එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති සරත් මුණසිංහ මහතා මෙසේ පැවසීය.

මෙම බැරෑරුම් අවස්ථාවේදී, අනුරාධපුර නගරය ඉතාම අවදානම් තත්ත්වයකයි පවතින්නේ, අනුරාධපුර නගරයේ ප්‍රධාන ව්‍යාපාරික ස්ථාන 10ක් පමණ මේ වන විට නිරෝධායනට ලක් කර මුද්‍රා තබා තිබෙනවා. ඒ අනුව අනුරාධපුර එක්සත් වෙළෙඳ සංගමය අනෙකුත් ස්වේච්ඡා සංවිධාන එකතු වෙලා, නගර සභාව සමග ඊයේ පැවති සාකච්ඡාවේදී තීරණය ගනු ලැබුවා, අනුරාධපුර විශාල වශයෙන් ජනතාව පැමිණීම වැළැක්විය යුතුයි කියා, එම තීන්දුවත් සමග වෙළෙඳ ආයතන ප්‍රධානීන් ස්වේච්ඡාවෙන්ම තම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට තීරණය කළා.

වෙළෙඳ ආයතන වසා දැමීමට තීරණයකලත් නගරයේ ඔසු සැල් විවෘතව පවතිනවා. රජය ලබා දීලා තියෙන සෞඛ්‍ය, ආරක්ෂක උපදෙස් පිළි පදින්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. සුළු දේකටත් නගරයට එන්නේ නැතිව, ගමේ තිබෙන වෙළඳසැල් වලින් එම අවශ්‍යතාවයත් සපුරා ගන්න කියලත් මා ජනතාවගෙන් ඉලලීමක් කර සිටිනවා.

Related posts

කාත්තන්කුඩි පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 11 හුදකලා කෙරේ

colombotoday

රන් මාලයක් කොල්ලකෑ දෙදෙනෙක් පොලීසියෙන් වෙඩි කයි

colombotoday

රටේ ආදායමටත් වඩා ණය පොලිය ඉහළට.. විදෙස් ආයෝජකයෝ අකුලගෙන යන්න යයි

colombotoday

“ජනපතිගේ ප්‍රකාශ ගණන් ගතයුතු නෑ.. ජිනිවා යෝජනා සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවිය යුතුය” – බ්‍රිතාන්‍ය මහකොමසාරිස්

colombotoday

සහරාන්ට ඉන්දියාවට පැන යාම සදහා උදව් කර ඇත්තේ බදියුදීන්ගේ සොහොයුරා බව කොමිසමේදි යළිත් තහවුරු වෙයි

colombotoday

හොර රහසේ තරුණියන්ගේ කොණ්ඩ කපා එකතු කල අයෙක් කොටු

colombotoday