Colombo Today Local News

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා… සරත් එන් සිල්වාට නොතීසි…

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ලබන මස 7 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා වෙත නොතීසි නිකුත්කර තිබේ.

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව චන්ද්‍රගුප්ත තේනුවර ,හේවා වඩුගේ සිරිල් සහ ප්‍රශාන්ත ගුණවර්ධන යන මහාචාර්යවරු තිදෙනා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

ඒ අනුව, මෙම පැමිණිල්ල අද විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරේරාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිය.

එහිදී වගඋත්තරකාර හිටපු අගවිනිසුරු සරත්.එන්.සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා මෙම නඩුව විභාගයට ගැනීම සඳහා සූදානම් බවයි.

කෙසේ වෙතත් මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පෙන්වා දුන්නේ මෙම චෝදනා විභාග කිරීම සඳහා නීතිපතිවරයාගේ සහාය ද ලබා ගැනීම බවයි.

ඒ අනුව මෙම පැමිණිල්ල ලබන මස 7 වනදා කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කළේය.

Related posts

ඉන්ධන මිල රු.5 කින් පහළට

colombotoday

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට්ටුවට

colombotoday

මාලබේ ට්‍රැෆික් OICට මරණීය තර්ජන කල සැරයන් රිමාන්ඩ්

Admin

සජිත් 2025 ජනාධිපති වීම ස්ථිරයි.. ගල් ගැසු අයටත් එදාට නිවාස ඔප්පු දෙනවා – හිරුණිකා කියයි

colombotoday

විජේදාස ඇමතිකමෙන් ඉවතට !.. ආණ්ඩුවේ ප්‍රබලයෙක් තීරණය කරයි.. ජනපතිටත් දන්වයි

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමට අලුතෙන් පනතක් – ඇමති විජදාස මංගල සහ මාරපන සමග ගැටෙයි

colombotoday