Colombo Today Local News

අද රාත්‍රී 10 සිට දිවයින පුරා ඇඳිරි නීතිය

අද(03)දින රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව හෙට සහ පොසොන් පොහොය යෙදෙන අනිද්දා දින දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

කෙසේවෙතත් මෙලෙස දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය 6 වන සෙනසුරාදා අළුයම 04.00 ට ඉවත් කෙරෙනු ඇත.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාලය තුළ ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කළ යුතු බව ද සෞඛ්‍ය අංශ දැනුම්දෙයි.

මේ අතර සියලු රාජ්‍ය ආයතන සදහා හෙට නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබේ.

දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් එම තීරණය ගත් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සදහන් කළේය.

Related posts

“මව්බිම අනතුරේ” මහ සඟරුවන අද සවස 2ට පිටකොටුවේ සත්‍යක‍්‍රියාවක

colombotoday

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 34 දක්වා ඉහළට

colombotoday

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday

සෞඛ්‍ය ඇමති සමග ඇති ප්‍රශ්ණ අමතක කරනවා – GMOA

colombotoday

ලෝකෙ ලොකුම නත්තල් ගහේ වැඩ නවතී.. අගරදගුරු ප්‍රකාශයෙන් අර්ජුන පසුබසී !

colombotoday

නැවතත් සෞඛ්‍ය වැඩවර්ජනයකටද

Admin