Colombo Today Local News

අගෝස්තු මස 01 වැනිදා ගුවන් තොටුපළ විවෘත නොවේ

සැලසුම් කළ පරිදි අගෝස්තු මස 01 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සාමාන්‍ය ගුවන් ගමන් සඳහා විවෘත කිරීමට නොහැකි වනු ඇතැයි ගුවන් තොටුපළ බලධාරීන් පවසනවා.

ඒ අනුව ගුවන් තොටුපළ විවෘත කිරීම තවදුරටත් ප‍්‍රමාද විය හැකි බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි පැවසුවේ. රටවල් රැසක තවදුරටත් කොරෝනා වසංගතය දරුණු ලෙස පැතිර ඇති බැවින් ගුවන් තොටුපළ විවෘත කිරීම ප‍්‍රමාද වනු ඇති බව ඔහු මෙහිදී සඳහන් කළා.

කෙසේවෙතත්, ශ‍්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා ප‍්‍රමුඛතාව ලබාදෙන බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි පැවසුවේ.

විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිළි කෙරුණා. එහිදී සඳහන් කළේ පවතින ක්‍රියාවලිය තුළ ලංකාව තුළට ගුවන් යානයක් ගෙන්වා ගන්නේ සෑම පැය 04කට හෝ 06කට සැරයක් බවයි. එලෙස පැමිණියත් දිනකට ගුවන් මගීන් සමග ගෙන්වා ගත හැක්කේ ගුවන් යානා 04ක් වැනි ප්‍රමාණයක් බවත් සඳහන් කළා.

මේ අතර ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයක් ඊයේ (27) පස්වරුවේ ඉන්දියාවේ බැංගලෝර් සිට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

එම යානයෙන් එක් මගියෙකු පැමිණ ඇති අතර නැවත මගීන් 54 දෙනෙකු රැගෙන එම යානය ඊයේ රාති‍්‍රයේ බැංගලෝර් වෙත පියාසර කළ බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ.

Related posts

බීජ නිෂ්පාදනය ගැන හරි තොරතුරු කෘෂි දෙපාර්තමේන්තුවේ නෑ

colombotoday

බැදුම්කර කොමිසම මලික් – කබීර්ගෙන් ප්‍රශ්න කරයි !

colombotoday

පවතින නිරෝධායන ඇදිරිනීතිය ඔක්තෝම්බර් 01 වනදා තෙක් දීර්ඝ කරයි

colombotoday

මහර කැරැල්ල – තුවාල ලැබූවන් 107 ක් දක්වා ඉහළට

colombotoday

දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා

Admin

ශ්‍රී ලංකාවේ කැබිනට් බලතල සහිතව පත් වූ ප්‍රථම මහකොමසාරිස්වරයාගේ සේවා කාලය ඔක්තෝබර් අවසන්

Admin