Colombo Today Local News

අගමැති පත්කල 20වන සංශෝධන පිළිබඳ කමිටුවේ වාර්තාව අද කැබිනට්ටුවට ඉදිරිපත්කර නෑ

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව අද රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව වාර්තා වේ.

මෙම පනත් කෙටුම්පත ගැසට් කර අදට දින 14 ක් ගතවන බැවින් හෙට (17)දින සිට ඕනෑම දිනකදී එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කළ හැකිය.

යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව අඩු පාඩු සොයා බලා වාර්තාවක් ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත්කළ කමිටුව ඊයේ(15)දින සිය නිරීක්ෂණ සහ නිගමන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

එය අද අමාත්‍ය මණ්ඩලට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Related posts

බැදුම්කර වාර්තාවට අගමැතිගෙන් ප්‍රශංසා

colombotoday

ඉන්ධන පිරවුම්හලක් තුළ වෙඩි තැබීමක්

colombotoday

මුස්‌ලිම් දේශපාලකයෝ අක්‌කර 30000 ක්‌ බලෙන් අල්ලාගෙන – ගලගොඩඅත්තේ ඥානසාර හිමි

colombotoday

අරලියගහ මැදුරේ භික්ෂූන් දහසකට ෆෙඩරල් දානයක් !

colombotoday

කල්දේරම් බතේ රස බැලු ඇමතිවරිය

colombotoday

මාවනැල්ල බුදු පිළිම කැඩුවන්ට ඇප නෑ

colombotoday