Colombo Today Local News

හෙල්මට් නැතිව යන එක වරදක් කියල මං දන්නේ නෑ- පොහොට්ටු අපේක්ෂක සනත් නිශාන්ත කියයි

හිස් වැසුම් නොමැතිව යතුරු පැදියක ගමන් කිරීම මහා ලොකු වරදක් යයි තමන් දන්නේ නැතැයි හිටපු රාජ්‍ය ඇමති පුත්තලම දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක සනත් නිශාන්ත සඳහන් කරයි.

මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ඔහු කියා සිටියේ එම අවස්ථාවේ වරදක් සිදු කළ බවක් තමන් නොදන්නා බවයි.

රථවාහන නීති අනුව හිස්වැසුම් නොමැතිවීම නිසා රුපියල් පන්සියයක දඩ මුදලක් තමන්ට නියම කළ හැකි බවත් එම දඩය ගෙවන්නට ද තමන් සූදානම් බවත් ඔහු සඳහන් කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ දැනුම් දීම මත පොලිසිය විසින් පරීක්‍ෂණයක්ද ආරම්භ කර ඇත.

Related posts

හොර සිගරට් 23,000 ක් වත්තල වෙළඳසැලකින් මාට්ටු

colombotoday

අලි නඩුවෙන් උඩුවේ හිමි නිදොස්කොට නිදහස්

colombotoday

මෙට්‍රික් ටොන් 3,500ක ගෑස් නැවක් අද දිවයිනට

colombotoday

යූරියා ආනයනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 55ක ණයක්

colombotoday

භාවිතයෙන් ඉවත්කළ රථ වාහන යුද හමුදාව ප්‍රතිනවීකරණය කරයි

colombotoday

කුඩා දරුවෙකු සමග අනාරක්ෂිත ඔරුවකින් ඉන්දියාවට පළා ගිය පිරිසක් අල්ලයි

colombotoday