Colombo Today Local News

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් හමු නොවූ මිනිසුන්ට වැලඳිය හැකි සුනඛ රෝගයක්

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් හමු නොවූ මිනිසුන්ට වැලඳිය හැකි සුනඛ රෝගයක් පිළිබඳව වාර්තා වී තිබේ.

ට්‍රිපනසොමා නම්වූ මෙම සුනඛ රෝගය පිළිබඳව මුලින්ම වාර්තා වි ඇත්තේ  වූයේ බලංගොඩ ප්‍රදේශයෙනි.

ඇස්වල පවතින රෝගී තත්ත්වයක් හේතුවෙයන්  මාස කිහිපයකට පෙර බලංගොඩ ප්‍රදේශයේ නිවසක සිටි ඇල්සේෂන් වර්ගයේ සුනඛයෙකු වෛද්‍යවරයෙකු වෙත යොමුකර තිබේ.

රෝග ලක්ෂණ පිළිබඳව සැලකිළිමත් වූ වෛද්‍යවරයා රෝගය පිළිබඳ වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා පේරාදෙණිය පශු ශික්ෂණ රෝහලට යොමුකර ඇති අතර එහිදී සිදුවූ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේදී ට්‍රිපනසොමා නම්වූ මෙම රෝගය සුනඛයාට වැළඳී ඇති බවට තොරතුරු අනාවරණ වුණි.

මුලතිව් ප්‍රදේශයේ නිවසක සිටි ඇල්සේෂන් වර්ගයේ සුනඛයෙකුටද මෙම රෝගය වැළඳී ඇති බවට හෙළි වී තිබේ.

පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අසෝක දංගොල්ල මහතා  සඳහන් කරන පරිදි ට්‍රිපනසොමා නමින් හඳුන්වන මෙම රෝගය අප්‍රිකානු ජනතාව අතර පවතින් බවට සාක්ෂි හමුවී ඇති බවයි.

ටෙට්සෙ සහ කිසින් බග් යන රෝගවාහක මදුරුවන් අතරින් කුමන සත්ත්වයා විසින් මෙම රෝගය ව්‍යාප්ත කිරීමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බවට වාර්තාවේ.

Related posts

ශ්‍රි ලංකා රජයත් සමානුග්‍රහය දැක්වූ ජිනීවා යෝජනාව සම්මත වෙයි…

colombotoday

වසර 35කට පසු ලංකාව ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනා ගනී !

colombotoday

කොටි සාමාජිකයින් ජර්මනියෙන් පිටුවහල් කිරීම ගැන විග්නේශ්වරන් කම්පවෙන්.

colombotoday

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ අය වැය පොහොට්ටුව පරදී. – සභාපති පැන යයි. උප සභාපති බලය අල්ලයි.

colombotoday

පළාත් කිහිපයකට ඉදිරි පැය 36 තුළ තද වැසි

colombotoday

හම්බන්තොට දළු දමන අලුත් පවුල් ගස

Admin