Colombo Today Local News

විදුලි කප්පාදුවෙන් ආර්ථිකයට බර හානි…

විදුලිබල මණ්ඩලය දිවා කාලය තුළ විදුලිය කපා දැමීම නිසා සුළු හා මධ්‍යම පරිමාණ කාර්මාන්තකරුවන් මෙන්ම සමාගම්වලටද දැඩි අපහසුතාවකට පත්ව ඇත.

මහා පරිමාණ කාර්මාන්තශාලාවලට මෙය විශාල වශයෙන් බල නොපාන්නේ ඒවා බොහෝමයක ජෙනරේටර් භාවිත කරන බැවිනි. එසේම විදුලිය කපා දැමීමේ නිසි කාලසටහනක් නොතිබිම නිසාද කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත බරපතළ තත්ත්වයකට මුහුණ දී ඇත.

රටේ සිදුවන අක්‍රමවත් විදුලි කප්පාදුව ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිට බාධාකරන අතරම නිෂ්පාදන සැලසුම් ඵලදායි නොවීමටද එය හේතුවකි. මෙම තත්ත්වය නිසා අපනයන නිෂ්පාදන මධ්‍යස්ථානවලට ඒවා නිසි කලට මුදාහැරීමට නොහැකිවී, අනාගත අපනයන අවස්ථාද අහිමිවී යා හැකිය.

ලංකා විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගිතා කොමිසම අතර ඇතිවී තිබෙන මතභේදය, බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා බාධාවක් වන බැවින් එය වහා විසඳාගැනීමට කටයුතු කළ යුතු බව වාණිජ මණ්ඩලයෙ අදහසයි.

විදුලිබල කප්පාදුවෙන් වන හානිය අවම කරගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය, මහා පරිමාණ කර්මාන්තවලට හා හෝටල් ආදියටත් ඔවුන්ගේ ජෙනරේටර කට්ටල භාවිත කිරීමට ගෙවීමක් මත ඉඩලබාදීම, ඉහළ මිලකට පෞද්ගලික විදුලි ජනනාගාරවලින් විදුලිය මිලදී ගැනීමට වඩා යහපත් දෙයක් බවද ජාතික වාණිජ මණ්ඩලය ප්‍රකාශ කරයි

Related posts

කොවිඩ් එන්නත මුදලට විකිණීමේ කූට ජාවාරම්ක්

colombotoday

“ප්‍රතිලාභ ලැබුවත් දක්ෂිණ අධිවේගය නඩත්තු කරගන්නවත් මේ රජයට බෑ” – නාමල්

colombotoday

මට මඩ ගැහුවා… දැන් මරණවා කියා තර්ජණය කරනවා – රාජ්‍ය ඇමති සුජීව

colombotoday

එජාපයෙන් ගිය අයට යළිත් එක් වන්න අවස්ථාව

colombotoday

විපක්ෂය ගොන් කරත්තයෙන් එද්දී ආණ්ඩු පක්ෂයෙන් කොස්කොල මල් මාලා – දඹුල්ල ප්‍රාදේශීය සභාවේ කාලගෝට්ටියක්

colombotoday

හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් යළි විවෘත කෙරේ

colombotoday