Colombo Today Local NewsCovid 19

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ සිට මේ දක්වා කාලය තුළ රෝගීන් 401,607 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පුද්ගලයින් 69 ලක්ෂ 66412 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 34 ලක්ෂ 4,415 දෙනෙකු සුවය ලබා තිබේ.

කොවිඩ් රෝගී මරණ වාර්තා වීමේ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින අමෙරිකාව තුළ මේ වන විට මරණ එක් ලක්ෂ 12,096ක් වාර්තා වී ඇති අතර රෝගීන් 19 ලක්ෂ 88,461ක් වාර්තා වී ඇති බව සදහන්.

මේ අතර ඉන්දියාව ඉතාලිය අභිබවමින් නව කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

ඉතාලියෙන් ආසාදිතයින් දෙලක්ෂ 34,801 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන්දියාවෙන් ඊයේ (06) දිනය වන විට ආසාදිතයින් දෙලක්ෂ 46,622 කු හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

අස්වැසුම අයැදුම්පත් භාරදීම අදින් අවසන්

Admin

තවත් අමාත්‍යාංශ ලේකම්වරු තිදෙනෙක් පත්කෙරේ

colombotoday

රනිල් එළවීමේ සටනේ නායකත්වය චතුර බාරගනී

colombotoday

දියවන්නා ඔයේ බෝට්ටුවක් පෙරළෙයි – අයෙක් අතුරුදන්

Admin

වෘත්තිය සමිති රැසක් අදත් වර්ජනයේ

colombotoday

පාස්කු ප‍්‍රහාරයට වසරයි. තොවිලයේ නියම යක්කුන් භූතයින් එළියට එයි.

colombotoday