Colombo Today Local News

රතු වරෙන්තු ඇති ISIS ප‍්‍රබලයන් දෙදෙනෙක් ලංකාවට ඇතුළු වේ..

මැලේසියා හා ඩුබායි අයි.එස්. සංවිධානයේ ප්‍රබලයන් දෙදෙනකුට කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ඇතුළු වීමට ආගමන විගමන නිලධාරීන් උදව් ලබාදී ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත.

මීට සති දෙකකට පෙර ඔවුන් දෙදෙනා මෙරටට පැමිණ දින හතරක් හෝටල්වල රැඳී සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අන්තර් ජාතික පොලිසිය (ඉන්ටර්පෝල්) මගින් රතු නිවේදන නිකුත් කර තිබියදී ඔවුන් දෙදෙනා ආගමන විගමන නිලධාරීන්ගේ පරීක්‍ෂාවෙන් මිදී රට තුළට ඇතුළු වූවේ කෙසේද යන්න ගැටලු සහගත බව ආරක්ෂක ප්‍රධානියෝ විමසති.

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට මහා විනාශයක් සිදුවී තිබියදී එම අයි.එස්. සැකකරුවන් දෙදෙනාම රටට ඇතුළු වීමට ඉඩ ලබාදීමෙන් ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවට එම උසස් ආරක්ෂක අංශ නිලධාරියා සඳහන් කළේය.

සැකකරුවන් මැලේසියා හා ඩුබායි ජාතිකයන් වන අතර ඔවුන් සම්බන්ධ තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ආගමන විගමන දෙපාර්තමේන්තුවටද ලබාදී තිබියදී මෙසේ ඇතුළු වී ඇත.

​​මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සභාපති පාලක (නීති) බී.ජී.ජී. මිලින්දගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ එවැනි දෙදෙනෙක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී නොමැති බවයි.

– aruna

Related posts

ලංවිම වැඩ වර්ජනය තාවකාලිකව නවතී | ගල් අඟුරු බලාගාර සියල්ල සක්‍රීයයි

colombotoday

දඩුවම දෙවසරක සිර දඩුවමක්… කොටි ඉල්ලූ විජයකලාට එරෙහිව පියවර ගන්න… නීතිපති පොලිස්පතිට දන්වයි…

colombotoday

ජනපති සහ බ්‍රිතාන්‍ය හිටපු අගමැති අතර හමුවක්

Admin

1015 දරණ දුම්රියේ සියලු දුම්රිය මැදිරි 20 වැනිදාට අමුතු අංකයකින් වෙන්කරලා

Admin

අලුත් පක්ෂය ස්ථීරයි.. අවසන් සාකච්ඡාව ඊයේ.. ලියාපදිංචිය ඉදිරි දෙසතියේ

colombotoday

ගත වූ පැය 24 තුල අලුත් ආසාදිතයන් 101ක්. බ‍්‍රැන්ඩික්ස් පොකුර 2000 ආසන්නයේ

colombotoday