Uncategorized

යුධ හමුදාව සතු ඉඩම් නිදහස් කරන්න ඉල්ලා සෙට්ටිකුලමේ විරෝධතා…

වන්නි ආරක්ෂක සේනාවන්ට අයත්ව සෙට්ටිකුලම ප්‍රදේශයේ යුධ හමුදා ගොවිපොළක් පවත්වාගෙන යන ඉඩම් නිදහස් කරන ලෙසට ඉල්ලා සෙට්ටිකුලම වැසියන් විරෝධතාවයක නිරතවිය. 

ඊයේ(04) එම වැසියන් මෙසේ විරෝධතාවයක නිරත වී තිබේ.

යුධ හමුදා ‍ගොවි‍පොළක් වෙත සෙට්ටිකුලම ආඩියාපුලියන්කුලම ප්‍රදේශයේ ඉඩම් අක්කර 100 පමණ ප්‍රමාණයක් පවරාගෙන ඇති අතර, ජනතාව පදිංචිව සිටි ඉඩම් කොටසක් එලෙස ආරක්ෂක අංශ පවරාගෙන ඇති බැවින් අදාළ ඉඩම් වහාම නිදහස් කළ යුතු බවට ප්‍රදේශවාසීන් ඉල්ලීම් කර තිබේ.

ආරක්ෂක අංශ සතු උතුරේ සිවිල් ජනතාවගේ ඉඩම් පසුගිය දෙසැම්බර් 31 වැනිදාට පෙර නිදහස් කරන බවට රජය ප්‍රකාශ කළද මේ වන තෙක් අදාළ ඉඩම් නිදහස් නොකිරීම කණගාටුවට කරුණක් වන බවද විරෝධතාකරුවන් පැවසීය. 

සෙට්ටිකුලම මැණික්ෆාම් කඳවුරු ස්ථාපිත කොට තිබු ඉඩම්වලින් කොටසක් මෙලෙස යුධ හමුදා ගොවිපොළක් වෙත පවරාගෙන ඇති අතර, අදාළ ගොවිපොළ තුළ ස්ථිර දීර්ඝකාලීන බෝග සිටුවීමට පවා හමුදාව කටයුතු කරන බවද ප්‍රදේශවාසීන් පැවසීය.

ප්‍රදේශවාසීන් ඉල්ලීම් කරනු ලැබු‍වේ රජය ලබාදුන් පොරොන්දු ඉටු කරමින් යුධ හමුදා කඳවුරක් පවා නොමැතිව ගොවිපොළක් වෙනුවෙන් පවරාගෙන ඇති අදාළ ඉඩම් කඩිනමින් නිදහස් කළ යුතු බවයි. 

විරෝධතාකරුවන් සිය ඉඩම් නිදහස් කරන ලෙසට ඉල්ලීම් කරමින් සකස් කළ සංදේශයක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට සෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම්වරයා වෙතද භාරදෙනු ලැබීය.

විරෝධතා වැඩසටහන වෙනුවෙන් ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.

Related posts

තේ බොන්නේ බලාගෙනයි – තේ වර්ග දහයකට මාරාන්තික වර්ණකාරක කලවම් කරලා

colombotoday

ඇමති අකිලට ජනපතිවරණ වේදිකාවේදී සජිත්ගෙන් කනේ පාරක් !

colombotoday

ගෝඨාට මඩ ගහන්න හැදූ වීඩියෝවක් මැකො ට මාට්ටුයි… වටලන්න ගිය මැතිවරණ නිලධාරීන් සිරකරයි.. රූපවාහිනියේ ගාලගෝට්ටියක් !

colombotoday

ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් අරඹයි

colombotoday

සජිත් ජනපති වුණොත් මීළග සිංහල අවුරුදු කන්න වෙන්නේ “ඔරුමිත්ත නාඩුවක“

colombotoday

ජාතික ධනය මහ දවාලේ කොල්ල කෑ බැදුම්කර මගඩිය : කෝප් නිර්දේශ මෙන්න

colombotoday