Colombo Today Local News

මිලියන 600ක ඉන්දු – ලංකා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම අලුත් වෙයි

ඉන්දීය ආධාර ප්‍රදාන යටතේ රුපියල් මිලියන 600කට අධික වියදමකින් මෙරට ක්‍රියාත්මක කෙරෙන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර ඊයේ (10)දින අග්‍රාමාත්‍ය නිල නිවසේ දී මෙම ගිවිසුම අත්සන් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

මෙම ගිවිසුම 2005 වර්ෂයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ දි පළමුවරට අත්සන් තබා ඇති අතර එය සෑම වසර 05කට වරක් දීර්ඝ කරමින් යළි අත්සන් කරනු ලබයි.

මෙම ගිවිසුමට අදාළව විශේෂ සංවර්ධන ව්‍යාපෘතිවල පිරිවැය රුපියල් මිලියන 300 ඉක්මන අතර හදිසි පූර්ව රෝහල් සත්කාර ගිලන් රථ සේවය, නිවාස ව්‍යාපෘති, නව යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ කටයුතු ඒ ඔස්සේ ක්‍රියාත්මකය.

දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති නව ගිවිසුමට අනුව අඛණ්ඩව පවත්වාගෙන යාම සිදුවන බව අග්‍රාමාත්‍ය කාර්යලය සඳහන් කළේය.

Related posts

ලං.වි.ම. ඉංජිනේරුවන්ගේ වැටුප 15%කින් කපා දමයි…

colombotoday

රැකියා ඉල්ලා දේශපාලකයන් පසුපස යෑමට සිදුවූ යුගය අපි නිමා කරනවා – සජිත්

colombotoday

තොටළග කුඩු සඳා අත්අඩංගුවට

colombotoday

“සේවකයින්ට පඩි දෙන්න බැරි තැනට විදුලිබල මණ්ඩලයේ ගිණුම් අක්‍රීය වෙලා” – විදුලිබල මණ්ඩල සේවකයින් විරෝධතාවක

colombotoday

අප්‍රේල් මාසයේදී ඉන්දීය ජාතිකයන් 822ක් ලංකාවට ඇවිල්ලා.

colombotoday

පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට ජනපති එකඟයි

colombotoday