Colombo Today Local News

මිදිගම රුවන් මෙරටට රැගෙන එයි

පාතාල ක්‍රියාකරුවකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාගේ මස්සිනා මිදිගම රුවන් නමැත්තා අද (31) අලුයම මේ රටට රැගෙන එනු ලැබුවා.

ඩුබායි රටේදී එරට පොලිසිය විසින් මීට මාස දෙකකට පෙරදී අත්අඩංගුවට ගැනුණු මිදිගම රුවන් නමැත්තා මෙරටට රැගෙන ඒම සඳහා කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු පොලිස් කණ්ඩායමක් එරටට ගොස් තිබුණා.

ඩුබායි රටේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමකට සම්බන්ධය යැයි කියමින් මොහු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණු බව උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියා.

කටුනායක ගුවන්තොටුපළට රැගෙන ආ මිදිගම රුවන් නමැත්තා වැඩිදුර විමර්ශන සඳහා විශේෂ රැකවල් යටතේ කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට රැගෙන ගොස් තිබෙනවා.

හරක් කටා නැමැත්තා මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවන අතර ඔහු රහස් පොලිසියේ රඳවා සිටියදී රහස් පොලිස් අත්අඩංගුවෙන් මුදවා ගැනීමට මිදිගම රුවන් නැමැත්තා එරට සිට සැලසුම් කර තිබිණි යැයිද වාර්තා වෙයි.

Related posts

පාර්ලිමේන්තුව ගිනියම් වෙයි… සභාගැබේ ගුටි කෙළියක්…

colombotoday

හිජාස් හිස්බුල්ලාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

colombotoday

“බොහොම සාර්ථකව ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යනවා.. දෙසැම්බර් වෙද්දි මැතිවරණයක් එයි” – මහින්ද රාජපක්ෂ

Admin

ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ජිනීවා යෝජනාව ක්‍රියාත්මක නොකළොත් රට බෙදීයාම වැළැක්විය නොහැකියි – ලක්ෂමන් කිරිඇල්ල

colombotoday

කොවිඩ් රෝග ලක්‍ෂණ පෙන්වන දරුවන් පාසල් යවන්න එපා

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday