Colombo Today Local News

මාකඳුරේ මධුෂ් හා අංගොඩ ලොක්කාගේ මත්කුඩු ජාලය ඕල්කට්ගේ මාමා වන ඉතාලියේ ප්‍රදීප් අතට.

මාකඳුරේ මධුෂ් හා අංගොඩ ලොක්කාගෙන් ගිලිහී ගිය මෙරටට මත්කුඩු සැපයුම් ජාලය පාතාල නායක ඕල්කට්ගේ මාමා වන ඉතාලියේ සිටින ප්‍රදීප් අතට ගෙන ඇතැයි ආරක්ෂක අංශ හෙළිකරගෙන ඇත. ඉතාලි චමින්ද, ඉතාලි ජගත්, අංගොඩ චිටී හා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවලට සිරගත වූ එස්.එෆ්. සරත්ගේ කණ්ඩායම හා එක්ව මෙම මත්කුඩු ජාලය ක්‍රියාත්මක කර ඇතැයි හෙළිවී තිබේ.

පසුගිය සතියේ පොලිස් විශේෂ කාර්ය බළකාය දකුණේදී අත්අඩංගුවට ගත් කුඩු කිලෝ සියය මෙරටට ගෙන ඒමට මෙම කණ්ඩායම සමග වැලිගම ‘හරක් කටා’ සහ අංගොඩ චිටී සම්බන්ධ වී තිබිණි.

එම කුඩු කිලෝ 100 රත්ගම විදුරගේ යැයි පෙන්වමින් විමර්ශකයන් නොමග යවා, ප්‍රදීප්ගේ අලුත් ජාලය විසින් රැගෙන විත් ඇතැයි මේ වනවිට හෙළිවී ඇත.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

Admin

බඩ ඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144ක ආධාරයක්

Admin

ග්‍රාම නිලධාරී වසම් 5ක හුදකලා බව ඉවතට

colombotoday

රටවල් 7කට හොරෙන් ලංකාවට මල්ටිබැරල් ගෙනා විශ්මිත මෙහෙයුම.. යුද ජයේ තීරණාත්මක හැරවුම ගැන නොකියූ කතාවක්

colombotoday

රන්ජන්ගේ හඬපටි නාඩගම: විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහි නඩු විභාගය අත්හිටුවන්න නියෝගයක්

colombotoday

විජයකලා මහේෂ්වරන්ට සිතාසි

colombotoday