Colombo Today Local News

මහින්දට විපක්ෂ නායකකම ඉල්ලා ඒකාබද්ධය ජාත්‍යන්තරයට යයි

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමට රජයට බලකරන්නැයි කියමින් ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංවිධානයට (IPU) වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධය සැරසෙන බව වාර්තාවෙයි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් 54 දෙනෙක් හා පසුගියදා රජයෙන් ඉවත් වූ මන්ත්‍රීන් 16 දෙනාද සමඟ මන්ත්‍රීන් 70කගේ සහය ලැබෙන මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂනායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා සිටීම මෙම පෙත්සමේ අරමුණයි.

දැනටමත් මේ ගැන විවිධ අවස්ථාවල කතානායකවරයාට මේ ගැන ඉල්ලීම් ඉදිරිපත් කර ඇතත් ප්‍රතිචාරයක් නොමැති බැවින් මෙම ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙනයාමට ඒකාබද්ධය තීන්දු කළ බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

දේශය

Related posts

රට පාලනය කරන්නේ ආණ්ඩුවද? පාතාලයද? – ඤාණසාර හිමි

colombotoday

ශ්‍රී ලංකාවේ නම වෙනස්විය යුතුයි – ගම්මන්පිල

colombotoday

බැංකුවලට ලැබෙන ඩොලර් වලින් 25%ක් මහ බැංකුවට අලෙවි කළ යුතුයි

colombotoday

නාමල්ගේ ලේකම්වරිය කටුණායකදී අත්අඩංගුවට !

colombotoday

නාවික හමුදාවේ නිපදවූ යාත්‍රා 09ක් මුල් වරට විදේශ රටකට

colombotoday

මිලේච්ඡ ඉස්ලාම් ත්‍රස්තයන් ලක්මව හඩව අදට මාසයයි….

colombotoday