Colombo Today Local News

මහින්දගේ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

2019 වසරේ පළමු කාර්තුව සඳහා වන අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

ලබන වසරේ ජනවාරි 01 දා සිට මාර්තු 31 දා දක්වා මෙම අතුරු සම්මත ගිණුම ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරයි. මේ වන තෙක් රජය ගෙන යෑමට හෝ ණය ගෙවීමට රජයට ගැටලුවක් නොමැති බවත් මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

Related posts

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් නවතී

Admin

දීඝවාපිය දාගැබේ දකුණු ආයකය ආශ්‍රිත කැණීමෙන් ලෝහමය සිංහ රූප දෙකක් සොයා ගැනේ

colombotoday

කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ටොන් 750ක් ගෙන්වීමට පියවර

colombotoday

රාජ්‍ය අනුග්‍රහයෙන් වහබ් සමුළුවක් 30 වනදා නෙලුම්පොකුනේදී

colombotoday

අමාත්‍ය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය කතානායකට බාර දෙයි.

colombotoday

හොඳම ක්‍රීඩිකාව නාම යෝජනා ප්‍රකාශයට ඇතුලත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව

Admin