Colombo Today Local News

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ජනපති අතින් යතුරුපැදි

කොවිඩ් – 19 වසංගතය හමුවේ දැඩි ජීවිත අවදානමක් සහිතව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සංකේතාත්මකව නිල යතුරු පැදි බෙදාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (18)දීන පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

2015 වසරේ සිට කිසිදු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට යතුරු පැදි ලැබී නොතිබු අතර සේවා කාලය තුළ යතුරු පැදි නොලැබුණු, දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ 26ක සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 749 දෙනෙක් හා ප්‍රමුඛතා පදනමින් තෝරාගත් තවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 56 දෙනෙකුට යතුරුපැදි බෙදා දෙනු ලැබුවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවා ගැනීමේදී වසර 02ක පූර්ණ කාලීන පාඨමාලාවකට යොමු කෙරෙන අතර පුහුණු කාලය දීර්ඝ කර උපාධියක් ගැනීමේ අවස්ථාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමග සාකච්ඡා කොට උදාකර දෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියා.

සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි සහ අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, කොවිඩ් හදිසි ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය පද්ධතිය පෙර සූදානම් කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මෙම අවස්ථාවට එක්ව සිටියා.

Related posts

නීති විරෝධීව රට පනින්න හැදූ 67ක් මාට්ටු

colombotoday

මිදිගම වෙ-ඩි තැබීමක්

Admin

එජාපය යැවූ වැඩබලන ඇමතිවරුන්ගේ නම් ජනපති ප්‍රතික්ෂේප කරයි

colombotoday

අත්අඩංගුවට ගත් හිරුණිකා ඇතුළු 15ක් අද අධිකරණයට

Admin

මෙරට වගාකල හැකි භෝග ආනයනයට 2018 දී රු. මිලියන 289532 වැය කරලා !

colombotoday

ගුණානුස්මරණ පිංකමේදී මල් වට්ටියක් 84000 කට වෙන්දේසි වෙයි

Admin