Colombo Today Local News

මර්වින් ජනාගේ මුදල් හැසිරවූ නුවන් ලක්ෂිත ගල්කිස්සේදී අත්අඩංගුවට

බන්ධනාගාර ගතව සිටින “මර්වින් ජනා” නැමති මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පැවසීය.

රුපියල් මිලියන 43කට අධික මුදල් ප්‍රමාණයක් එම සැකකරුට අයත් බැංකු ගිණුමෙන් සංසරණය වි ඇති බවට අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි නුවන් ලක්ෂිත නම් 37 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අද (09)දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

පානදුර මුස්ලිම් පාසලකින් ජංගම දුරකථන, රෙකෝඩර් තොගයක් අත්අඩංගුවට…

colombotoday

කහ කිලෝ 1157ක් සමග දෙකක් අත්අඩංගුවට

colombotoday

රට පෙරළූ “ආප්පය” රුපියල් 5කින් නගී… භාණ්ඩ 6කට උපරිම මිල සීමා

colombotoday

සාදය මාරයි.. වියදම කෝටි හයයි ! – සාගලගේ අණින් පූජිතගේ සාදය හමාරයි

colombotoday

වැලි ටිපරයක ගැටී කොස්තාපල්වරයකු මරුට

Admin

කොරෝනා හමුවේ සර්වබලධාරී දෙවියොත් අසරණ වෙයි… මක්කම මහ දොවොල හිස් වෙයි !

colombotoday