
බීමතින් මෝටර් රථයක් ධාවනය කර රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද අලුයම 5.15 ට පමණ බොරැල්ල, කිංසි පාරේදී එම අනතුර සිදු ව ඇති බවයි.
අනතුරින් සුළු තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියැදුරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණි.
එම අවස්ථාවේ දිමුත් කරුණාරත්න බීමතින් සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලීසිය සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇති.