බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් ඊයේ (03) රාත්‍රී 7.30 ට විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණියා.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආර්ථික සමුළුවට සහභාගීවීමට ඔහු ලංකාවට පැමිණි ඇති බව වාර්තා වන අතර ඔහු පිළිගැනීමට මෙරට රාජ්‍ය නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපොලට ගොස් සිටි බවත් වාර්තා වන්නේ.
මේ අතර ඉදිරියේ පැවැත්වෙන ආර්ථික සමුළුවට සහභාගීවීම සදහා කුප්‍රකට ආයෝජකයෙකු වන ජෝර්ජ් සෝරස් ද ඊයේ දිවයිනට පැමිණියා. ආර්ථික අර්බුයන් සම්බන්ධයෙන් ලොව බොහෝ රටවල් විසින් චෝදනා එල්ල කර ඇති සෝරොස්ට සමහර රටවල් ආයෝජනය කිරීම පවා තහනම් කර ඇත.