Colombo Today Local News

බන්ධනාගාර නිලධාරීන්ට ආරක්ෂක ලේකම්ගෙන් රතු එළියක්

බන්ධනාගාර තුළ ඉදිරියේ දී නීති විරෝධී කටයුතු සිදු නොවිය යුතු බවත් එවන් ක්‍රියා සිදු කිරීමට උපකාර කළ නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

අද (18) දින බන්ධනාගාර අධිකාරිවරුන් වෙනුවෙන් පැවති වැඩමුළුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එවන් දූෂිත නිලධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයා ද ඉදිරියේ දී කටයුතු කරනු ඇති බවත් ඔහු පවසයි.

බන්ධනාගාර සේවය අභිමානවත් සේවයක් බවට පත් කිරීමට ඊට අදාළ පාර්ශවයන් කටයුතු කළ යුතු බව ද ආරක්ෂක ලේකම්වරයා එම අවස්ථාවේ ප්‍රකාශ කළේය.

“දුෂිත ක්‍රියාවලින් වැළකී විශ්‍රාම යෑමෙන් පසුව වුවද සතුටු විය හැකි ආකාරයෙන් සිය කාර්යභාර්ය ඉටු කිරීමට බන්ධනාගාර නිලධාරින් කටයුතු සිදු කළ යුතුයි,“ යනුවෙන්ද මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

රන්ජන් ගේ හඬපට යලි කරළියට – අධිකරණයේ දී සිදු වූ දේ මෙන්න

colombotoday

ජැක්සන්ලට වැඩ වරදියි

Admin

ගම්පහ නිරෝධායන වන පවුලකට 10,000ක ආහාර මල්ලක්

colombotoday

මම චෛත්‍ය 1125 ක් හදනවා – සජිත් ප්‍රේමදාස කියයි

colombotoday

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන්ගේ තොරතුරු

colombotoday

2023 අයවැය ඡන්ද විමසීම දෙසැම්බර් මස 08

Admin