Colombo Today Local News

බදියුදීන් ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේපයි

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකර තිබේ.

බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය සහ එම්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී විරෝධතාවක් මතු කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරීන් පුල්ලේ මහතා පෙන්වා දුන්නේ, පාස්කු ඉරු දින එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනය සංකීර්ණ විමර්ශනයක් බවත් පෙත්සම්කරු ඉල්ලා සිටින ආකාරයට තහනම් නියෝග නිකුත් කළහොත් පරීක්ෂණ ක්‍රියාදාමය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇති බවත්ය.

දීර්ඝ ලෙස කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමට තරම් ප්‍රමාණවත් නීතිමය පදනමක් අනාවරණය නොවන හෙයින් එය ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර ඇත.

Related posts

පෞද්ගලික බස් හිමියන්ට ලැබෙන සහන වව්චර් පත

colombotoday

රට හැදුවා.. දැන් තියන්නේ ගම හදන්න.. ගමත් මට දෙන්න – අගමැති රනිල්

colombotoday

ශ්‍රීලනිප යෙන් කෑල්ලක් කඩා සජිත් දිනවන්න චන්ද්‍රිකා එංගලන්තයේ සිටි අද එයි !

colombotoday

“අසල්වැසියන්ට ප්‍රේම කරමු.. අපට කෙළවුණත් ETCA ගෙනත් ඉන්දියාවේ රැකියා ප්‍රශ්නය විසදමු“ – ඉරාජ්

colombotoday

මහින්ද අලුත් ජාතික වැඩකට අත ගහයි

colombotoday

රට වෙනුවෙන් උරදුන් රණවිරුවෙක්, බෞද්ධ අන්තවාදියෙකු ලෙස හංවඩු ගසා නාවික හමුදාවෙන් නෙරපයි !

colombotoday