Colombo Today Local News

බඩ ඉරිගුවලට බැට දුන් සේනා, වට්ටක්කා, කව්පි වගාවක් ආක්‍රමණය කරයි…

සේනා දලුඹුවා විසින් අම්පාර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු වගාව මෙන්ම වට්ටක්කා සහ කව්පි වගාවන්වලටද හානි සිදු කර ඇති බව වාර්තා වනවා.

මේ වනවිට අම්පාර දිස්ත්‍රික්කයේ අක්කර තුන්දහසක පමණ බඩඉරිඟු වගා විනාශ කර දමා ඇති බවයි අම්පාර කෘෂිකර්ම අධ්‍යක්ෂක එම් සනීර් මහතා කියා සිටියේ.

දමන, උහන, වඩිනාගල, පන්නල්ගම, මංගලගම හා කෙවිලියාමඩුව යන ප්‍රදේශවල විශාල වශයෙන් වගාවන්ට හානි සිදු ව තිබෙනවා.

තවද අදාළ ප්‍රදේශවල  වට්ටක්කා වගාවන්වලට ද  මෙම දළඹුවා ගෙන් හානි සිදුව ඇති බවයි අධ්‍යක්ෂකවරයා ලක් එෆ්.එම් ප්‍රවෘත්ති වෙත කියා සිටියේ.

මඩකලපුව, කෙවිලියා මඩුව සුමනරත්න විහාරස්ථානයේ අක්කර 15 ක් වූ ඉරිඟු  වගාවට ද   මෙම දළඹුවා ගෙන් හානි සිදුව ඇති බව සඳහන්.

Related posts

නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමට දැඩි රැකවල් යොදවයි

colombotoday

ජනපති සහ ඉන්දීය විදේශ ලේකම් අතර හමුවක්

Admin

මත්පැන් නිෂ්පාදන සමාගම් දෙකක බලපත්‍ර තවදුරටත් අත්හිටුවයි

Admin

ඉන්දියාවේ යාචකයකු​ගෙන් ලංකාවට ආධාර

colombotoday

රාජගිරිය ගුවන් පාලම අද ජනතා අයිතියට

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න පොලීසිය කල ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday