Colombo Today Sports News

බංග්ලාදේශ තරගාවලියෙනුත් චන්දිමාල් ඉවතට

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම්කළ 22 කුගෙන් යුත් සංචිතයෙන් හිටපු නායක දිනේෂ් චන්දිමාල් ඉවත් කර තිබේ.

එක්දින කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න නම්කර ඇති අතර ලෝක කුසලාන තරගාවලියට නම් කර නොතිබූ ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, අකිල ධනංජය ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම මෙම තරගාවලියට නම්කර තිබේ.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජුලි 26දා, 28 දා හා 31 දා දිවා රාත්‍රි තරග ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය –  දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, ෂෙහාන් ජයසූරිය, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, වනිඳු හසරංග, අකිල ධනංජය, අමිල අපෝන්සු, ලක්ෂාන් සඳකැන්, ලසිත් මාලිංග, ණුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ළහිරු කුමාර, තිසර පෙරේරා, ඉසුරු උදාන, ළහිරු මධුශංක

Related posts

LPL – පළමු තරගයේ ජය ඉසුරු උදාන කොළඹට ගෙනෙයි

colombotoday

කුරුණෑගලම මහින්දටයි.. ගාල්ලේ බලයත් අල්ලයි

colombotoday

චෙන්නායි සුපර් කිංග් කණ්ඩායමේ පිරිසකට කොරෝනා

colombotoday

කොළඹ ජාත්‍යන්තර මැරතන් තරඟාවලිය ඇරඹෙයි

colombotoday

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

colombotoday

කේ. මතිවානන්ගේ පාර්ශවය ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා ඉල්ලා අස් කර ගනී

colombotoday