Colombo Today Sports News

චෙන්නායි සුපර් කිංග් කණ්ඩායමේ පිරිසකට කොරෝනා

චෙන්නායි සුපර් කිංග් කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය එක්දින කණ්ඩායමේ පන්දු යවන්නෙක් සහ සහය කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් ලෙස තහවුරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් ඩුබායි හි නිරෝධායනය වෙමින් සිටින අතරතුර කළ පරීක්ෂනවලදී එය තහවුරු වී තිබේ.

එම ක්‍රීඩකයාගේ හෝ අනෙක් පිරිසගේ නම් මාධ්‍යට නිකුත් කර නොමැත.

CSK කණ්ඩායම ඩුබායි යෑමට පෙර චෙන්නායි හිදී දින හයක පුහුණු සැසියකට එක්වූ අතර ඊට එම් එස් ධෝනි, සුරේෂ් රයිනා, අම්බති රයිදු, පියුෂ් චව්ලා, දීපාක් චහර් සහ පන්දු යැවීමේ පුහුණුකරු එල්. බාලාජි එක් වී තිබුණි.

2020 IPL තරඟාවලිය සැප්තැම්බර් 19 ඇරඹීමට නියමිතය.

Related posts

කුමාර සංගක්කාර පකිස්තානයට

colombotoday

සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට

Admin

ධර්මසේන IPL යන්න බැහැ කියයි

colombotoday

බත්තරමුල්ලේ සීලරතන හිමියන් ක්‍රිකට් නිලවරණයෙන් ඉවත් කරයි

colombotoday

ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

colombotoday

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට…

Admin