Colombo Today Local News

පොසොන් උත්සවය, රාජ්‍ය උත්සවයක් බවට පත් කිරීමට කටයුතු කරනවා – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියයි

පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අවශ්‍ය නෛතික කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

මිහින්තලය රජමහා විහාරාධිපති සහ එහි භාරකාර පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමිපාණන් විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් සිදුකෙරුණු ඉල්ලීමක් මත මෙය සිදුකෙරෙන බව සඳහන්.

එහිදී උන්වහන්සේ ඉල්ලීමක් කර ඇත්තේ මිහින්තලා විහාරයීය පූජා භූමිය ජාතික උරුමයක් ලෙස නම් කරන ලෙසයි. 

ඒ සඳහා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඉහළ පෙලේ කමිටුවක් ද පත් කිරීමටයි නියමිතව ඇත්තේ.

එම කටයුතු සම්බන්ධිකරණය සඳහා කෘෂිකර්ම, පශූ සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා මෙන්ම කාන්තා හා ලමා කටයුතු හා වියලි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ද පත්කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. 

Related posts

නිදහස් වෙළඳ කලාපවල කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර ගියද ආයතන වසා නැහැ

colombotoday

“යුද්ධයත් එක්ක රට සංවර්ධනය කල විදිහ මෙයාලට අදහගන්නත් බෑ.. දැන් කියන කතාවලට මට හිනා” – මහින්ද

colombotoday

හමුදා සාමාජිකයන්ගේ ආගමික කටයුතු වලට බාධා කරන ලොක්කෙක් ගැන අස්ගිරි මහා නා හිමිගෙන් පැමිණිල්ලක්

colombotoday

ගෝඨාභය ගැන තවම තීරණයක් ගෙන නැහැ – මහින්ද

colombotoday

සීනිමෝදර මුහුදේ ගිලී ජර්මානු ජාතිකයකු මරුට

Admin

පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය ඇති වන අයුරින් නව පොලිස්පති පත් කරන්න – නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි

Admin