ගම්පහ නගරයේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ අණ නෙතකා ධාවනය කළ ත්රි රෝද රථයකට පොලීසිය විසින් වෙඩි තබා තිබේ.
ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ජීප් රථයකින් ත්රි රෝද රථය ලුහු බැඳ ගොස් වෙඩි තබා තිබේ.
වෙඩි වැදීමෙන් ත්රි රෝද රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර ඔහු අවුරුදු 32ක් වන බෙම්මුල්ලේ පදිංචි සඳුන් ලක්මාල් නැමැත්තෙකි.
මේ පිළිබඳව කළ පරික්ෂණවලදි හෙළිව ඇත්තේ සැකකරු බීමත්ව සිට ඇති බවයි.