Colombo Today Local News

පිල් මාරුව සූදානම්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ පාර්ලිමේන්තු විවාදය අද(04) පැවැත්වීමට නියමිතව තිබේ.

එය අද පෙරවරු 9.30ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් විය.

මේ අතර විශ්වාසභංග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ(03) රාත්‍රියේදී ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

දේශපාලන ආරංචි මාර්ග අනුව ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු අග්‍රමාත්‍යවරයාට සහය පළ කිරීමට ඉඩ කඩ ඇති බව සඳහන්ය.

ඒ අනුව මහින්ද සමරසිංහ, පියසේන ගමගේ, දුමින්ද දිසානායක , මනූෂ නානායක්කාර, රංජිත් සියඹලාපිටිය, ෆයිසර් මුස්තාෆා, සරත් අමුණුගම එම කණ්ඩායමේ සිටින බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ අතර නිදහස් පක්ෂයේ තවත් පිරිසක් පිල් මාරුවකට සූදානම් වන බවටද වාර්තා වෙයි.

Related posts

මාර්ග රැසක දුම්රිය ප්‍රමාදයි

Admin

“දෙමටගොඩ රුවන්” ගේ රුපියල් කෝටි 40 ක හෝටලයක් CID භාරයට.

colombotoday

කොරෝනා ආසාදිතයන් තවත් ඉහලට

colombotoday

අද සිට දිනකට පැය දෙකක් විදුලිය කැපේ !

colombotoday

පාස්පෝට් ගන්න සඳුදා වෙනුවට වෙනත් දිනයක් දෙයි

Admin

තඹ කම්බි ගන්න දුම්රියේ වයර් කැපූ අයෙක් අත්අඩංගුවට

colombotoday