Colombo Today Local News

”පැරණි පාර්ලිමේන්තුව කැඳවන්නේම නෑ” – ජනපති. “කැඳවන්නත් එපා” – නාහිමිවරුන්ට

තමාට විශිෂ්ට ජනවරමක් දෙමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටු කිරීමේ දී ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාව අවධාරණය කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අභිනව පාර්ලිමේන්තුවක් කැඳවීම විනා පැරණි පාර්ලිමේන්තුව කැඳවීමේ බලයක් ව්‍යවස්ථානුකූලව තමාට නොමැති බව කියා සිටියි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, කොරෝනා වෛරසය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ සහ වත්මන් තත්ත්වය පිළිබඳව ත්‍රෛනිකායික මහා සංඝරත්නය දැනුවත් කරමින් ඊයේ (අප්‍රේල් 24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාවේ දීය.

පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවා රට උභතෝකෝටික තත්ත්වයකට පත් නොකළ යුතු බවත්, පරණ පාර්ලිමේන්තුව නොකැඳවීම මහා සංඝරත්නයේ ඒකමතික තීරණය බවත් මහා සංඝරත්නය එහිදී අවධාරණය කර සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.

පැවති පාර්ලිමේන්තුව රටේ වත්මන් මූල්‍ය අර්බුදයට වගකිවයුතු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ එහිදී පවසා තිබේ.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් මහානායක හිමිවරු සහ අනුනායක හිමිවරු ඇතුළු ස්වාමීන් වහන්සේලා කිහිප නමක්ම එම අවස්ථාවට වැඩම කර ඇත.

Related posts

“අතුරුදන් කාර්යාල පත්වීම්වලට අපි එකග නෑ” – ජෝන් සෙනවිරත්න

colombotoday

සති අන්තයේ බස්නාහිරින් පිටතට යෑම සීමා කරන්න..!

colombotoday

අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැලඳවීම ගැන විමර්ශනක්

Admin

ට්‍රම්ප්-මෛත්‍රී හමුවක්…

colombotoday

තෙල්දෙණියේ සිදුවීමට අසාධාරණ ලෙස සිරගත කර සිටින සිංහලයන්ට ඇප ලබා ගැනීමට මැදිහත් වෙන්න – ඥානසාර හිමි මහනායක හිමිගෙන් ඉල්ලයි

colombotoday

ශිෂ්‍යත්ව විභාගය හෙට… සියල්ල සූදානම්

Admin