Colombo Today Local News

පාස්කු ප‍්‍රහාරය පිළිබද විමර්ශන සදහා පොලිස් කණ්ඩායම් 14 ක්. සීඅයිඞී 11 යි ටීඅයිඞී 03 යි

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන නව මාවතකට අවතීර්ණ වීමත් සමග මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් එකොළහක් ඒ පිළිබද විමර්ශන සිදු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.  ඊට අමතරව පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ කණ්ඩායම් තුනක් සහ කොළඹ අපරාධ කොට්ඨාසයද පාස්කු ප‍්‍රහාරය පිළිබ`ද විමර්ශන සිදුකරන බව ඒම හතා සදහන් කළේය.

 පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 119 දෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන් සැකකරුවන් 50 දෙනකුගෙන් රදවා ගැනීමේ නියෝග මත ප‍්‍රශ්න කරමින් තිබෙන බවද කී ජාලිය සේනාරත්න මහතා ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය මගින් සැකකරුවන් 78 අත්අඩංගුවට ගෙන රදවා ගැනීමේ නියෝග මත 52 දෙනකුගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සිදුකරන බවද පැවසීය.

මෙම විමර්ශන කණ්ඩායම්වලට අමතරව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ුල්‍ය අපරාධ ඒකකය සහ සයිබර් අපරාධ විමර්ශන ඒකකයේ සහායද විමර්ශන සදහා ලබාගෙන තිබෙන බව හෙතෙම අනාවරණය කළේය.

Related posts

“එක රටක් එක නීතියක්” පොරොන්දුව පුස්සක් වෙයි. | කාති උසාවි නවත්තන්න ආ ආණ්ඩුව කාතිවරු බඳවා ගැනීමට යයි.

colombotoday

මැතිවරණ කොමිසම අද රැස්වේ

colombotoday

ස්ථාන හයක පිපිරීම්… මරණ 50 ඉක්මවයි…

colombotoday

“අපේ අයවැය දැක IMF ඉතා සතුටට පත්වෙලා.. තවත් ණයක් දෙන්න ලෑස්ති“ – මුදල් ඇමති රවී

colombotoday

නව අගමැතිවරයෙක් පත්කරන තෙක් අගමැති මහින්දයි – මහින්ද සමරසිංහ

colombotoday

සොරාගත් දුරකතනය සොයා ගිය පියා මරුට. පුතුන් දෙදෙනාටත් පිහියෙන් ඇනලා..

colombotoday