Colombo Today Local News

පළමු ශ්‍රේණියේ පාසල් නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් 2020 වර්ෂය සඳහා නිකුත් කර ඇති පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, ඒ අනුව වලංගු කාලය සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කළ බවය.

මෙම තිළිණපත්වල වලංගු කාලය 2020 අගෝස්තු 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ අතර, රට තුළ පැවති වාතාවරණය සැලකිල්ලට ගෙන සිසුන්ට එම තිළිණපත් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට ඇති කාලය තවදුරටත් ලබාදීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.

Related posts

පාන් ගෙඩියක් රුපියල් 5 කින් ඉහළට…

colombotoday

ඇස්ට්‍රසෙනිකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන 31 වනදා මෙරටට

colombotoday

අලුත් ව්‍යවස්ථාවට ශ්‍රීලනිපයේ යෝජනා භාරදෙයි

colombotoday

සාමාන්‍ය පෙළ අසමත් නියෝජ්‍ය පොලිස්පති අහුවෙයි – සහතිකත් හොරට හදලා

colombotoday

දූෂිත ඇමතිලා ගැන අගමැතිගේ තීරණය දැනුම් දෙයි !!

colombotoday

සාගර කාරියවසම් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට

colombotoday