Colombo Today Local News

නිව්යෝක් ටයිම්ස් ලිපියට අනුග්‍රහය මංගලගෙන් – ඒකාබද්ධයෙන් චෝදනා

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ අදාළ ලිපිය ලිවීම සඳහා තොරතුරු ලබාගත් ආකාරය අනාවරණය කිරීමට එම මාධ්‍යවේදිනියට මෙරටට පැමිණෙන ලෙස සුහද ආරාධනයක් කරන බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු වියදම් දැරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකර සඳහන් කළේය.

ලංකාවේ ගොබෙල්ස් න්‍යාය ක්‍රියාත්මක කළ පුද්ගලයකු ලෙස අදාළ ලිපිය ලිවීම සඳහා මුදල් ඇමැති මංගල සමරවීරගේ ඍජු සම්බන්ධය මෙයට ලැබී ඇති බවත් ඔහු සඳහන් කෙළේය.

ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (4දා) එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කෙළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කංචන විජේසේකර මන්ත්‍රිවරයා,

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ වූ වාර්තාවට සහාය දුන් මාධ්‍යවේදීන් දෙදෙනෙක් මේ රටේ ඉන්නේ. ඔවුන් සමීප සම්බන්ධතාවක් දක්වන්නේ මංගල සමරවීර සමඟ. පසුගිය දවසක මාධ්‍ය සාකච්ඡාවකදී මම මේ කරුණු සියල්ල හෙළි කළා. ඒ දෙදෙනාගෙන් ඩරීෂා බැස්ටියන් කියන මාධ්‍යවේදිනිය මීට මාස 3කට කලින් මංගල සමරවීර යටතේ තියෙන ලේක්හවුස් ආයතනයේ පුවත්පතක කර්තෘ තනතුරකට පත් කළා.

ඒ වගේම මෙයට සම්බන්ධ වුණු අනෙක් මාධ්‍යවේදියා ආතර් වාමන් කියන පුද්ගලයා. මොහුත් මංගල සමරවීර ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් එක්ක ඉතාම සමීපව කටයුතු කරනවා. අපි ළඟ තොරතුරු තියෙනවා. අපි ඉදිරියේදී සාක්ෂි සහිතව මෙම තොරතුරු ඉදිරිපත් කරනවා.

මන්දානා අබේවික්‍රම කියන මාධ්‍යවේදිනියත් මේකට සම්බන්ධයි. මංගලගේ මාධ්‍ය ලේකම් යටතේ ඇය වැඩ කරනවා. අපි විවෘත ආරාධනාවක් කරනවා. මේ තුන්දෙනාටම මේ ගැන කරුණු පැහැදිලි කිරීමක් කරන්න කියලා.

Related posts

ලෙඩ ගොඩක්.. Kwid රථ 50,000 ක් ආපසු කැඳවයි

colombotoday

අපි ඒකීය ලංකාවකට එකග නෑ.. ව්‍යවස්ථා අතුරු වාර්තාවේ ඇත්තේ අපේ අදහසයි – TNA

colombotoday

මහබැංකු අධිපතිලෙස කුමාරස්වාමි පත්කිරීම ගැන සෝභිත හිමි සිටියානම් අතිශය සතුටුවෙයි !

colombotoday

නීතිවිරෝධීව ආනයනය කළ මස් තොගයක සූකර උණ වෛරසය

Admin

නුවරදී ඊයේ සිදුවූ නොහොබිනා වැඩේ ගැන ළමාරක්ෂක අධිකාරියෙන් පරීක්ෂණයක් !

colombotoday

එජාපය එක්ක කන පරිප්පුව හොදටම ඇති.. ඡන්දෙන් පසු මහින්දත් එක්ක එක්වෙන්න වෙනවා

colombotoday