Colombo Today Local News

නිරෝධායනයට අකැමැති වී කලහකාරී ලෙස හැසිරු‌ණොත් මාස 6ක සිරදඬුවම්

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා නොගොස් කලහකාරී ලෙස හැසිරෙන්නේ නම් මාස 6ක කාලයකට සිරගත කිරීමට හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවැසීය.

තවද මෙම කාල සීමාව තුළ නම් කරන ලද රටවලින් මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනයට ලක්වීමට අකැමැත්තක් දක්වන්නේ නම් ඔවුන් නැවත පැමිණි රටවලට පිටත් කිරීමට පියවර ගන්නා බවද යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේය.

මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනා මේ බව ප්‍රකාශ කරන ලද්දේ ඊ​යේ (11 වැනිදා) ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති කොරෝනා වෛරසය පැතිර යාම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදීය.

කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයකුට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවැරිය හැකි බවත් එහිදී වරදකරු වුවහොත් මාස 6ක සිරදඬුවමක් විඳීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේය.

එසේම රුපියල් දෙදහසේ සිට රුපියල් දසදහසක් දක්වා දඩ මුදලකට යටත් විය හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවැසීය.

තවද 1897 අංක 3 දරන රෝග නිරෝධායනය වැළැක්වීමේ ආඥා පනතට අනුව අමාත්‍යවරයාට රෙගුලාසි පැනවීමට හැකියාවක් පවතියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙවැනි නීතිවලට අනුගත නොවන පුද්ගලයන් රටේ සියලු ජනතාව සහ සෞඛ්‍ය අංශ අවදානමකට ලක් කරන බවයි.

මෙම මාධ්‍ය හමුවේදී යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ද අදහස් දැක්වීය.

බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේ මෙරටට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් ගුවන් තොටුපොළට පැමිණිමේදී විශේෂ පරීක්ෂාවකට ලක්කරන බවයි.

එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් මෙම මගීන් විෂබීජහරණය කිරීමෙන් පසු නිරෝධායනය ස්ථාන කරා රැගෙන යන බවත් ජනතාව අවම ප්‍රදේශ වන පූනානි සහ කන්දකාඩු යන ප්‍රදේශවල මෙම නිරෝධායන කටයුතු සිදුකරන බවද බ්‍රිගේඩියවරයා පැවැසීය.

Related posts

මහින්ද විශ්වාසභංගයට අත්සන් නොකළේ ඇයි?

colombotoday

නීතිපතිගෙන් පොලිස්පතිට චෝදනා

colombotoday

හකීම්, බදුර්දීන්, මුස්තාපා මරා ගනී.. කැබිනට්ටුවේ ගාලගෝට්ටියක් !

colombotoday

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී 04ක් යට වෙයි

colombotoday

ග්‍රාම නිලධාරීවරයෙක් මහ මග කපාකොටා ඝාතනය කරයි

colombotoday

CID,FCID දේශපාලන අතකොළුද? “මට ඒ ගැන කිසිවක් කිව නොහැක“ – පොලිස්පති

colombotoday